Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අරුම පුදුම ලෝකයේ එළුවොත් පියාඹන්න 
පටන් අරන් - වීඩියෝ


එළුවන් කඳු නැගීමට ප්‍රිය කරන සතුන් විශේෂයක් වුවත් දුරකථන රැහැනක් උඩ එල්ලුනා කිව්වොත් කාටත් පුදුම හිතෙනවා.

ඒ විදිහට දුරකථන රැහැනක එළුවෙක් එල්ලී සිටින වීඩියෝවක් අපිට ලැබුණා.


මේ විදිහට අඩි 20 ක් පමණ ඉහළින් පිහිටි රැහැනක එළුවාගේ අඟක් පැටලී එල්ලෙමින් සිට තිබෙනවා.

කොහොම හරි දැඩි පරිශ්‍රමයක් දරා එම එළුවා ගලවා ගැනීමට සමත්වුණත් මේ එළුවා කොහොම රැහැනේ පැටලුනාද කියන එකනම් කාටවත් හිතාගන්න බැරිවෙලා.

ග්‍රීසියෙන් වාර්තා වුණු මේ සිද්ධිය ඒ අසල සිටි අයෙක් වීඩියෝ කර තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බියුටි සැලුන් කරන කතක් ආදරේ නාමෙන් 
එක්ක ඇවිත් කඩ කාමරයකදී හවුලේ 
බෙදාගෙන කම්සැප සෙවූ පාප මිතුරෝ

‘‘මම රූම් එකට එක්ක යන්නම්,
උඹලා බස් එක පස්සෙන් වරෙන් කීවලු‘‘


රූපලාවන්‍ය ශිල්පිණියකගේ පෙම්වතෙක් යැයි පැවසෙන අයෙකු විසින් අදාල කාන්තාව සමඟින් පාරතොටේදී ඇතිකරගත් හාදකමක් දුරදිග ගොස් ඇයව කඩකාමරයේ රැගෙන යාමෙන් අනතුරුව ඇය සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා එයට තමන්ගේ මිතුරන්ද හවුල් කරගත් පුවතක් සම්බන්ධයෙන් කැකිරාව ප්‍ර දේශයෙන් වාර්තා වෙනවා.
කැකිරාව, ගනේවල්පොළ, කඳුබොඩගම ප්‍රදේශයේ වසා දමා ඇති කඩ කාමරයක් තුළදී මෙලෙස සමූහ දූෂණයට ලක්කර ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක්. සිද්ධියට ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයාගේ මිතුරන් 4දෙනෙකුද සම්බන්ධ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකළපුව අක්කරපත්තුව සහ කල්මුණේ , තලයාඩිකුලම් ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30, 27, 23 සහ 20 වයසෙහි පසුවන්නන් බවටද කරුණු අනාවරණය වී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හිතලා මිස් කළාද ? මැච් එක කළින්ම වික්කද ?
අතේ තිබ්බ විකට් එක ගන්න බැරිවුණු 
කෝලිගේ ලක් එක - වීඩියෝ

අද (31) පැවැත්වෙන ඉන්දියා බටහිර ඉන්දීය කොදෙව් අවසන් පූර්ව වටයේ තරඟයේදී විරාත් කෝලි පහසු ලෙසින් දවාගැනීමේ අවස්ථාවක් කොදෙව්වන්ට හිමි වූවත් ඔවුන් කුඩා ළමුන් සේ එම අවස්ථාව මඟ හැරියා. 

මේ පිළිබඳව පිරිස් විවිධ අදහස් ප්‍රකාශ කර ඇති අතර ඇතැමුන් පවසන්නේ හිතාමතාම මෙම දැවී යාම කොදෙව්වන් වැලැක්වූ බවයි. එමෙන්ම වෙන තරඟවලට වඩා මේ තරඟයේ කොදෙව්වන්ගේ පන්දු රැකීමද දුර්වල බව පෙනීගියා.

මීට පෙර විස්තර විචාරකයින් පවසා සිටියේ කොදෙව්වන්ට ඉන්දියාව විසින් ටෙස්ට් තරඟාවලියක් ලබාදෙමින් වක්‍රව මෙම තරඟය වෙනුවෙන් අල්ලස් දී ඇති බවට සැක සහිත බවයි. 

කෝලි දවාගැනීමේ මෙම පහසු අවස්ථාව ඔවුන්ට හිමිවුනේ ඔහු එක් ලකුණක් පමණක් ලබාගෙන සිටියදී වන අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කෝලි ඉණිම අවසන් කළේ ලකුණු 
89ක් ලබාගෙන නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙසින්ය..

කෝලිගේ දවාගැනීම අතපසුකළ අවස්ථාවේ වීඩියෝව පහතින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඩොලරය ඉතිහාසයේ ඉහළම තැනට නඟී

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ 150 සීමාව පසු කළා.
දිනය අවසානයේදී එහි විකුණුම් මිල සටහන් වූයේ 150.54 ක් ලෙසයි. එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 146.52 ක් ලෙසටයි.

රජය මගින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමත් සමඟ මෙලෙස රුපියලේ අගය පිරිහෙමින් පවතින බවයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වෙසක් එකට ධර්ම දේශනා සහ 
භක්ති ගීත දෙමලෙන්

මෙවර  වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරේ සංවිධාන කර ඇති වැඩසටහන්වල දී දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා සහ භක්ති ගීත ගායනා කිරීමට කටයුතු යොදා ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ ප්‍රකාශ කළා.
 

ඊට සියලූම ආගමික නායකයින් ගේ සහාය හිිමි වී ඇති  බවයි කොළඹ අද පැවති මධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු කියා සිටියේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලෝක බලවතාගේ සමුගැනීමට පෙර 
පුංචි දියණියක් කඳුළු සලමින් කළ 
අහිංසක ඉල්ලීම - වීඩියෝ


ලෝක බලවතා විදිහට සැලකෙන ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමාගේ ජනාධිපති නිල කාලය අවසන් වෙන්න තියෙන්නේ තවත් ටික කාලයක්.
මේ සමුගැනීමට අකමැත්තෙන් පුංචි දියණියක් කරපු අපූරු වැඩක් ගැන අපිට අහන්න ලැබුණේ ධවල මන්දිරයෙන්.


ඒ තමයි එක වසරේ ඉගෙනුම ලබන කමීරියා නම් පුංචි දියණියක් බරක් ඔබාමාට ලිපියක් යවලා.
පුංචි දියණිය ඒ ලිපියෙන් කියන්නේ ඔබාමාට ධවල මන්දිරය දාලා යන්න එපා කියලයි. ඒ පුංචි දියණිය ඒකට ගොඩක් දුකින් ඉන්නවා කියලත් ඒ ලියුමේ සටහන් කරලා.

ඉතිං ධවල මන්දිරයෙන් යන්න කලින් ඔබාමාව දකින්න ඕනේ කියලත් මේ පුංචි දියණිය කියලා තිබුණා. ඒ දේ සැබෑවක් කරමින් ඔබාමා ඊයේ එම පුංචි දියණියව හමුවෙලා තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඇමති පාඨලී හැප්පුවැයි කියන 
සන්දීප්ගේ සිද්ධියේ CCTV වල 
සිද්ධ වුණු දේවල් ? - වීඩියෝ

අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ජාතික හැඳුනුම්පත් අංකයට ලබාගෙන ඇති දුරකථන සම්බන්ධතා පිළිබඳව වාර්තා ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය ඊයේ (30) පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ පසුගිය පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට පත් කිරීම සම්බන්ධයෙන් වන නඩුව  කැඳවූ අවස්ථාවේදීයි.


මෙහිදී වැලිකඩ පොලිසිය අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් පැය 7 ක ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද වාර්තා ලබාගෙන ඇති බවයි.

සිද්ධිය වූ දිනයේ එම ස්ථානය අවට තිබූ සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කළ නමුත් ඒවායේ ඇතැම් දර්ශන මැකී ගොස් ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පණට ආදරෙයිනම් 
අනාරක්ෂිත දුම්රිය ගේට්ටු වලින් යන්න එපා

තම දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු ක්‍රියාකරුවන්ගේ සංගමය අද සිට සිය රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
අනාරක්ෂිත ගේට්ටු 681 ක සේවකයන් තුන්දෙනෙකු බැගින් දිවයින පුරා 2061 දෙනෙකු මේ වනවිටත් අදාළ සේවා කටයුතුවල නිරතවන බවයි වාර්තාවන්නේ.

එම සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් නිමල් චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 500 ක් කරන බවට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් පොරොන්දුව ඉටු කළ යුතු බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හෙට අනිද්දාම බිපාෂාගේ තනිය මැකී යනවාලු

සරාගි බොලිවුඩ් නිළි බිපාෂා බාසු යුගදිවියට එළඹීමට තීරණය කර තිබෙනවා. කලක් ජෝන් ඒබ්‍රහම් සමග පෙමින් වෙලී සිටි බිපාෂාගේ අලුත්ම පෙම්වතා වන්නේ ''Alone'' චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ කරන් සිං.

කලින් දෙවරක් විවාහ වී ඇති කරන්ට බිපාෂාගේ පියා විසින් එතරම් කැමැත්තක් නොවුණද බිපාෂා ඔහුව විවාහ කර ගැනීමට තීරණය කළ බවට බිපාෂා මාධ්‍ය හමුවේ පවසා තිබුණා.
පසුගිය වර්ෂයේ තිරගත වූ ''Alone''  චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ කරන් සිං සමග ආරම්භ කළ පෙම් සබඳතාව විවාහය දක්වා දුරදිග ගිය බවයි බිපාෂා පවසා වැඩිදුරටත් පවසන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට බිපාෂාගේ මංගල්‍ය උත්සවය අප්‍රේල් මාසයේදි පැවැත්වීමට නියමිත අතර, එය මුම්බායේ පිහිටි සුපිරි හෝටලයකදි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පවුලම දාලා රටින් ගිහින් 
කළින් පෙම්වතියගේ වෙඩින් එකට 
සෙට් වුණු ලෝක ප්‍රසිද්ධ රාජකුමාරයා


පුංචි කාලේ ඉඳන් එකට ඉන්න යාළුවෝ, ඒ වගේම ආදරවන්තයෝ ගොඩදෙනෙක් ලොකු මිනිස්සු වුණාම වෙන්වෙනවා. වෙන් වෙලා හිටියත් ඒ අය කසාද බඳින දවසෙදි සමහරු ජොබ් එකේ නිවාඩුත් අරන් ඒ වැදගත් අවස්ථාවට සහභාගී වෙනවා.

ඔය විදියට තමන්ගේ පුංචිකාලේ ආදරවන්තිය වගේම හොඳම යාළුවා වෙලි හිටපු තරුණියගේ වෙඩින් එකට ගියපු රාජකුමාරයෙක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි එංගලන්ත රජ පවුලේ විලියම් කුමාරයා.

ඔහුගේ මිතුරියගේ නම තමයි ජෙසිකා. මේ වෙඩින් එකට තිබිලා තියෙන්නේ කෙන්යාවේ. හැබැයි විලියම් මේ වෙඩින් එකට ගිහින් තියෙන්නේ බිරිඳ වගේම ළමයි එංගලන්තේ තියලා. මේ සිද්ධියට කලින් කටකතා පැතිරිලා තිබුණේ ජෙසිකා එක්ක විලියම් ආදර සම්බන්ධයක් තිබුණා කියලා. ඒත් ඔය කතාව බොරු කියලා රාජමාලිගාවෙන්ම පණිවුඩයක් හැමතැනම යවලා තිබුණාලු.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අනියම් පෙමින් ගිනියම් වූ දෙවැනි සැමියා, 
යතුරු පැදියක තුන්වැනි සැමියා සමග යමින් සිටි 
කතට පිහියකින් අනී

යතුරුපැදියකින් තවත් පුද්ගලයෙක් සමග ගමන් කරමින් සිටි අවුරුදු 23 ක් වූ එක් දරු මවක් පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා.

උඩවලව තණමල්විල මාර්ගයේදී ඊයේ රාත්‍රියේදී සිය තුන්වැනි සැමියා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් තිබියදීයි මෙලෙස ඇයට ප්‍රහාරය එල්ලවී ඇති බවට සැකපලකරන්නේ.

මේ ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඇගේ දෙවැනි සැමියා බවටද තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.
සචිනි මදූෂානි නමැති මෙම කාන්තාව අවුරුදු 17 දී පළමු විවාහය සිදුකරගෙන ඇති අතර ඇයට පස්හැවිරිදි දරුවෙකුද සිටිනවා. 

රිය අනතුරකට ලක්වූ බව පවසමින් ඇයව රෝහලට ඇතුලත් කළ යතුරුපැදිය පැදවූ පුද්ගලයා හා පිහිපහර එල්ලකළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පාරේ යද්දි මීගවයෙක් ඇනලා 
අත්වුණු අවාසනාවන්ත ඉරණම - Photos


ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු මීගවයෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

ඊයේ සවස් කාලයේදී මෙලෙස මීගවයෙකු ඇන බරපතල තුවාල ලබා පාරේ වැටී සිටි සිටි නාඳුනන පුද්ගලයා ත්‍රීවීල් රථ රියදුරෙකු විසින් දැක රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.

ඔහු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වෙඩි තබා මැරූ බව කී මොනරාගේ 
තවත් ෆොටෝ එක්ක සිද්ධිය වූ තැන සිටි 
කතක් ඇත්ත හෙළිකරයි - වීඩියෝ

‘‘අපි වන්දනා ගමනක් යනගමන් හිටියේ,
එදා තුවක්කුවත් අරන් ගියා,
අපි හිතුවේවත් නැති දෙයක් සිද්ධ වුණේ‘‘


මොණරෙකු දඩයම් කර මස් කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයෙකු සම්බන්ධයෙක් පසුගියදා තොරතුරු වාර්තා වුණා. එහි ඡායාරූපයක්ද සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණු අතර පසුව වාර්තා වුණේ  ඔහු දංකොටුව  ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ බෑණා කෙනෙකු බවයි.

කෙසේ නමුත් 2015 වසරේ යම් දිනක සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඡායාරූපයේ සිටින පුද්ගලයාගේ බිරිඳ මේ වන විට මාධ්‍යට තොරතුරු පවසා තිබෙනවා. ඇය පවසන්නේ මෙම සතාට වෙඩි නොතැබූ බවත් ආනමඩුව පල්ලි ගිය අවස්ථාවක ඌ අනතුරකට ලක්ව පාරේ වැටී සිටි බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

විරාත් කෝලි දෝනිගෙ පුංචි දෝනි එක්ක 
ගත්ත සෙල්ෆිය - Photos

20-20 ලෝක කුසලානයේ පසුගියදා පැවති සුපිරි 10 දෙනාගේ වටයෙන් අවසන් පූර්ව වටයට තේරුණු ඉන්දිය කණ්ඩායම මේ දවස් දෙක තුනේ ඉන්නෙ ටිකක් විවේකයෙන්. මේ තරගාවලියේ වැඩි දෙනෙක් කතාබහට ලක්වුණ ක්‍රීඩකයා තමයි විරාත් කෝලි. 

කෝලි ඊයේ මහේන්ද්‍ර සිං දෝනිගේ පුංචි දුවත් එක්ක ගත්ත ඡායාරූපයක් මේ විදිහට අන්තර්ජාලයට එක්කරලා තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහ වැස්ස එක්ක අකුණක් ගහලා, 
මිහින්තලේ ගෙදරක සාලේ 
ටයිල් එක්ක විනාඩි 2ක් ඉහළට එසවිලා ගිහින්

ඉකුත් 28 වනදා මිහින්තලේ ඒ 9 මාර්ගයේ පුවරසන්කුලම පිහිටි නිවෙසක මැද සාලයට සවිකර තිබූ ටයිල් තට්ටුව හදිසියේ ඇති වූ ශබ්දයක් සමඟම කිහිප වරක්ම උස් පහත් වී යනු තමන් දුටු බව එම නිවෙසේ පදිංචි තනුජා කුමාරි මහත්මිය පවසා තිබෙනවා. 
සවස 5.45ත් 6ත් අතර කාලයේදී මේ අපූරු සිද්ධිය දුටු බව පැවැසූ ඇය සඳහන් කළේ ඒ අවස්ථාවේදී වැස්ස සමඟ අහසේ අකුණක්ද පිපිරී කිහිපවරක්ම ගිගුරුම් හඬ ඇසුණු බවයි.

මේ සාලයේ අඩි 2ක් පළල ටයිල් වර්ග අඩි 300ක ප්‍රමාණයක සවිකර තිබූ බවත් එම තට්ටුව විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් උඩට එසවී ගිය බවත් ඒ මතට පය තබන විට ඒවා ගැලවෙන බවත් තනුජා කුමාරි මහත්මිය පවසා තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ප්‍රියංකා නිවස තුළ 
ගෙල වැළලාගෙන මියයයි - Photos

ඉන්දියාවේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන ප්‍රියංකා කපූර් ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. 25 හැවිරිදි ඇය මීට මාසයකට පෙර එරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සමග විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව දිල්ලියේ පදිංචියට පැමිණ තිබුණා.

ප්‍රියංකාගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ විවාහයෙන් පසු දෑවැද්ද ඉල්ලා සැමියා විසින් තමන්ට වධ හිංසා කරන බවට ඇය දැනුම් දී තිබූ බවයි.

කෙසේ වෙතත් මව ප්‍රියංකාට දුරකතනයෙන් කතා කර ඇති අතර ඇය ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා මව පොලිසියද සමග නිවසට යන විට ප්‍රියංකා නිවස තුළ එල්ලී සියදිවි නසාගෙන තිබුණු බවයි වාර්තා වන්නේ.

ඇය විසින් ලියන ලද ලිපියක්ද පසුව පරීක්ෂණවලදි හමුවී තිබෙනවා.  එය පරීක්ෂා කිරීමෙන් පසුව ප්‍රියංකාගේ සැමියාවද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සචිනි ඇඟ හදාගන්නේ මෙහෙමයි (ඡායාරූප)

නිළියන්ගේ නිරූපිකාවන්ගේ දැන් එක එක රැළි තියෙනවානේ. ඒ අතරින් Gym රැල්ල දැන් ටිකක් ප්‍රසිද්ධයි.

Gym ගිහින් හැඩ කරගත්ත තම සිරුරේ සුන්දරත්වය පේන විදියට තමයි මේ විදිහට සමාජජාල අඩවිවලට ඡායාරූප නිළියන්, නිරූපිකාවන් එක්කරන්නේ.

ඔන්න මෙදා පාර Gym ගිහින් තියෙන්නෙ ජනපි‍්‍රය සුරූපී නිළියක් වෙන සචිනි අයේන්ද්‍රා. සචිනිත් Gym ගිහිං වෙහෙස වෙලා හදාගත්ත තමන්නේ සිහින් සිරුර හැමෝටම බලාගන්න අවස්ථාව උදාකරලා තිබුනේ මෙන්න මේ විදිහට…

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඔබට අලුත්ම අත්දැකීමක් ගෙනෙන 
රිදියගම සෆාරි උද්‍යානය විවෘත කෙරේ

දේශීය සංචාරකයින්ට නවමු අත්දැකීම් රැසක් සමගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සෆාරි උද්‍යානය හම්බන්තොට, රිදියගම දී 29 විවෘත කරනු ලැබුවා. 

මිනිසුන්ගේ මැදිහත්වීමෙන් සතුන්ව විශාල භූමි වපසරියකට කොටු කර ඔවුන්ට නිදැල්ලේ ජීවත් වීමට ඉඩ හරින අතරම සත්ව ගහණය පාලනයටත්, ඔවුන් බෝ කිරීමටත් හැකි විශේෂ සෆාරි උද්‍යානයක් පිහිටවූ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.


2008 දෙසැම්බර් මාසයේදී රිදියගම සෆාරි උද්‍යානය ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබුණු අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 2600කට අධික මුදලක් වැය කිරීමටයි ඇස්තමේන්තු කර තිබුණේ. අක්කර පන්සීයක භූමි භාගයකින් යුතු සෆාරි උයන සිංහ කලාපය, ලෝක සත්ත්ව කලාපය සහ ආසියානු අලි කලාපය යනුවෙන් ප්‍රධාන අංශ තුනකින් සමන්විතයි.

සිංහ කලාපය අක්කර තිස්පහක වපසරියක පැතිර තිබෙන අතර එහි අප්‍රිකානු සිංහයන් නම දෙනකු රැඳවෙනවා. ආසියානු අලි කලාපය අක්කර පනස්හතරක ප්‍රදේශයකද ශාක භක්ෂක ලෝක සත්ව කලාපය අක්කර අසූවක භූමි ප්‍රමාණයකද විහිදී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දීපිකා පදුකෝන් XXX රඟපාපු හැටි 
පිටවෙයි (වීඩියෝ)

බොලිවුඩයේ ඉහළම සම්මාන ගණනාවක් දිනාගත්තු දීපිකා පදුකෝන් මේ දවස්වල ඉන්නේ ලොකු වැඩක.

ඒ දීපිකා හොලිවුඩයේ සුපිරි නළු එක්ක රඟපාන xXx: The Return of Xander හි රූගත කිරීම් සිදුවෙනවා.

මේ රූගත කිරීම් අතරතුර ගත්තු ඡායාරූප පහතින් බලන්න.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහවැලි ගඟේ සැඟව ගිය 
මව් සෙනෙහස - Photos

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පලේ පදික වෙළදුන් ලෙසින් කටයුතු කළ යුවලක් ඊයේ (30) මහනුවර තැන්නේකුඹුර පාළම අසලින් මහවැලි ගඟේ දියනෑමට ගොස් දියේ ගිලී තිබෙනවා.
මෙහිදී දියේ ගිලී මියගොස් ඇත්තේ 23 හැවිරිදි එක්දරු මවක් වන අතර ඇයගේ සැමියාද සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයේ සිට තිබෙනවා. දිය නෑමට ගඟට බැසගත් ස්ථානයේ වලක් තිබී ඇති අතර එයින් කාන්තාව ගිලී ගොස් තිබෙන්නේ ඊයේ සවසයි. 
පොලිසිය හා ගම්වාසීන් ඇයගේ සිරුර ගොඩගැනීමට ඊයේ (30) සවස් කාලයේ දැඩි වෙහෙසක් ගත්තද එය අසාර්ථක වී ඇති අතර අද උදෑසන වන විට සිරුර ජලයෙන් ගොඩට පැමිණ තිබෙන අයුරු දක්නට ලැබී  ඇත.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සිල් බිඳගත් නදීෂාගේ 
බිඳුණු පෙම හෙළිවෙයි
හිටපු පෙම්වතා මෙන්න! (ඡායාරූප)

නදීෂා හේමමාලි පසුගිය දවස්වල ඉතාමත් ජනප්‍රිය චරිතයක් වුණානේ. ඒ මොකද එයා සිල් බිඳගත්තු නිසා. එයා සිල් බිඳගත්තේ හැබැයි සැබෑ ජීවිතයේ නම් නොවෙයි. ඒ මියුසික් වීඩියොවක් සඳහා.

ඔන්න දැන් නදීෂාගේ ජීවිතයෙන් අලුත්ම ආරංචියක් අප වෙත වාර්තා වෙනවා. ඒ මොකක්ද දන්නවාද? එයාට පසුගිය දවස්වල පෙම්වතෙක් හිටියානේ. කොහොම හරි සිල් බිඳගත්තු කේස් එක නිසා ඒ පෙම් හුටපටය නැති වුණා කියලත් ආරංචියක් ආවා. හැබැයි ඒ කතාවේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නෑ.

අපි දන්න විදියටනම් මේ ළඟදී තමයි එයාගේ පෙම් හුටපටය නැති වුණේ. ඔන්න

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

යුරේනි කාටත් හොරන්ම විවාහවෙලා (ඡායාරූප)

නව පරපුරේ රංගන ශිල්පිණියක මෙන්ම ගායිකාවක වන යුරේනි නොෂිකා කාටත් හොරෙන් යුග දිවියට පිවිසිලා කියලා ආරංචි වෙනවා. එයා හැබැයි මේක කාටවත් කියලා නම් නෑ වගේ පේන විදියට.

ගොඩක් අය එයා විවාහ වෙලා තියෙන්නේ ඇත්ත ජීවිතයේ නම් නෙවෙයි කියලත් කියනවා. මේක මියුසික් වීඩියෝ එකක් සඳහා කරපු එකක් කියලා තමයි ගොඩක් අය නම් කියන්නේ.

කොහොම හරි ඔන්න යුරේනිව විවාහ වුණු බව කියන ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප පහතින් නරඹන්න.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බීච් යන පෙම්වතුන් බය කරලා 
කම්සැප හොයන කල්ලියක් 
තරුණියන්ට කරන නොහොබිනා වැඩේ

වෙරළ තීරයට යන පෙම්වතුන් බිය ගන්වා ආශාවන් සපුරා ගන්නා පිරිසක් ගැන අලුත්ගම බේරුවල වෙරළ තීරය පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
ජනයා අඩුවෙන් ගැවසෙන අතුරු මාර්ගවලදී අඩු වයසේ පසුවන පෙම්වතුන් මෙසේ ගොදුරු කරගන්නා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

පසුගියදා අලුත්ගම මොරගල්ල පැත්තෙන් වෙරළට ගිහින් එමින් සිටි පෙම්වතුන් යුවළක් මෙම කල්ලිය විසින් පාළු ස්ථානයකදී පෙම්වතාට උල්පිහියක් පෙන්වා පෙම්වතිය ඇදගෙන යාමට උත්සහ කර තිබෙනවා.
පසුව තරුණයා ඔවුන්ට පහරදීමට උත්සහ කර ඇති අතර ඒ අවස්ථාවේදී තරුණියගේ අතක් පිහියට කැපී ඇති බවද වාර්තාවුණා.

අඩු වයසේ පසුවන්නන් බැවින් ඔවුන්ට මේ ගැන නිවෙස්වලට හෝ පොලිසියට කීමට නොහැකි නිසා මෙම සංවිධානාත්මක කල්ලිය තමන්ගේ ආශාවන් සපුරා ගැනීම සඳහා තරුණියන් ගොදුරු කරගැනීමට උත්සහ දරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බිරිඳ සියදිවි නසා ගත්ත නිසා 
සැමියාවයි අම්වයි ගෙදරට දාලා බිරිඳගේ ඥාතින් 
අමුවෙන්ම පුච්චන්න හදලා - Video


කාන්තාවක් සිය දිවි නසා ගැනීම නිසා එම කාන්තාවගේ සැමියාව සහ ඔහුගේ මව නිවසට දමා ගිනි තැබීමට බිරිඳගේ ඥාතින් පියවර ගෙන තිබෙනවා. මේ සිද්ධිය වාර්තා වන්නේ ඉන්දියාවේ බැංගලෝරයෙන්.

කෙසේ වෙතත් නිවසට ගිනි තැබූ අවස්ථාවේ ප්‍රදේශවාසින් සහ පොලිසිය පැමිණ අදාළ සැමියාව සහ මව බේරා ගෙන තිබුණා. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජනපතිගේ කතාවක් අතරේ 
විදුලිය විසන්ධි වෙලා කළුවරේ 
ටෝච් ගහගෙන සිද්ධවුණු දේවල් - වීඩියෝ

වයඹ පළාත් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඊයේ (29) කුරුණෑගල පැවැති වයඹ පළාත් සෞඛ්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සභාව අමතන අවස්ථාවේදී විදුලිය විසන්ධිවීමක් සිදුවුණා.

ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කොට විනාඩි 10ක් පමණ ගතවද්දී ශ්‍රවණාගාරයේ විදුලිය විසන්ධි වූ අතර එම අවස්ථාවේදී එහි තිබූ විදුලි ජනන යන්ත්‍රය ක්‍රියා විරහිතවීම හේතුවෙන් පැය භාගයකට ආසන්න කාලයක් ශ්‍රවණාගාරය අඳුරේ පැවති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා අතින් සමරු තිළිණ ප්‍රදානය කිරීම ද සිදුව ඇත්තේ විදුලි පන්දම් එළි ආධාරයෙන්. ඉන් ස්වල්ප වේලාවකට පසුව විදුලිබලය යථා තත්ත්වයට පත්වූ බවයි වාර්තා වන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වීසා නැතිව රටවල් 48 කට 
යන්න පුළුවන් චාන්ස් එකක්


ලොවපුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙන නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමට අනුව පළමු තැනට එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය පත්ව තිබෙනවා.

ඊට අනුව එම රටවල් දෙකෙහි ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 147 කට ඇතුළත් වීමට හැකියාව ඇතැයි සදහන්.

යම් රටක ගමන් බලපත්‍රධාරියෙකුට වීසා ලබා ගැනීමකින් තොරව රටවල් කොපමණ ප්‍රමාණයකට ඇතුල් විය හැකි ද යන්න අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා.

මෙහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 145 ක් සඳහා ප්‍රවේශය සහිත දකුණු කොරියාවල ජර්මනිය හා ප්‍රංශයයි.

රටවල් 144 කට ප්‍රවේශය ඇති ඉතාලි හා ස්වීඩන් ගමන් බලපත්‍ර සඳහා මෙම වර්ගීකරණයේ තෙවන තැන හිමිව තිබේ. මෙම වර්ගීකරණයේ 70 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
ඊට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රධාරීන්ට රටවල් 47 ක් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි බව සඳහන් වේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සුවකරන්න බැරි ලෙඩ, 
සිංහල වෙදකමෙන් සුවකරන්න 
ලංකාවට ආපු එංගලන්ත සිසුවියෝ - Photos


මොන දේ වුණත් ඉගෙන ගන්න එක ජීවිතේට වටිනවා. හොඳ කරන්න බෑ කියපු හුගක් රෝග සුව කරන්න අපේ සිංහල වෙදකමට පුළුවන් වුණු තැන් හුගක් තියෙනවා.

දැන් දැන් අපේ සිංහල වෙදකම අඩුවෙලා, නැතිවෙලා යද්දි ඒ වෙදකම ඉගෙනගන්නවා කියන එකත් ගොඩක් වටිනවා.

ඒකේ වටිනාකම තවත් වැඩිවෙන්නේ මෙහෙම ඉගෙන ගන්න ඇවිත් තියෙන්නේ එංගලන්ත විශ්ව විද්‍යාලයක වෛද්‍ය සිසුවියන් පිරිසක් නිසා. ඒ අය ඇවිත් තිබුණේ හොරිවිල වෙද ගෙදරට.

කොදු ඇට සහ කොදු ආශ්‍රිත සියලුම ලෙඩ සදහා ලංකාවේ මෙන්ම ලෝකයේ සාර්ථකම බෙහෙත් හෙළ වෙදකමින් සුව කරන විදිහ ඉගෙන ගන්නයි වෛද්‍ය සිසුවියන් මේ විදිහට ඇවිත් තියෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මිනිස්සු මරබයෙන් වෙව්ලනකොට 
ප්ලෙන් එක පැහැරගන්න ආව කෙනා එක්ක 
සෙල්ෆි ගහපු පුදුම කොල්ලෙක් - Photos

ඊයේ (29) ලෝකෙම අවධානයට ලක්වුණු පුවතක් වුණු ඊජිප්තු ගුවන් යානයක් පැහැරගැනීම සම්බන්ධයෙන්. කොහොම වුනත් අන්තිමට මේ පැහැරගැනීමට හේතුව වුනේ පෙම් පටලැවිල්ලක් කියලා හොයාගත්තා.
මේ විදියට තමන් ළඟ පුපුරණ ද්‍රව්‍ය තියෙනවා කියලා ප්ලේන් එකේ පිස්සු නටපු පුද්ගලයා ඇත්තටම ත්‍රස්තවාදියෙක් නෙවෙයි කියලත් පස්සේ හොයාගත්තා. ඔය ඔක්කොම වුනේ ප්ලේන් එක ඇතුලේ. ඒකේ හිටිය මිනිස්සු කොයි වෙලාවේ තමන්ගේ ජීවිතේ නැතිවෙයිද කියලා පණ බයෙන් හිටියේ.
ඒත් ඇතුලේ හිටියා හරි වෙනස් කොල්ලෙක්. එයා හිතාගෙන හිටියේ මේ තමයි තමන්ගේ ජීවිතේ අන්තිම මොහොත කියලා. කරන්න දෙයක් නැතුව කල්පනා කරපු මෙයා කළේ අර පැහැරගත්ත මනුස්සා ළඟට ගියපු එක. පස්සේ මෙයා එයාට කවුරුත් නොකරණ අමුතු යෝජනාවක්. මෙයා ෆෝන් එක අතට අරගෙන අපි දෙන්නා Selfie  එකක් ගහමුද ඇහුවා. අර යානය පැහැරගන්න ආව මනුස්සයක් වැඩේ පැත්තක දාලා හරි ලස්සනට සෙල්ෆි එකට මූණ දුන්නා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සල්ලි දීලා අරන් යනවා වගේ 
හොරෙන් බඩු පන්නපු 
ගේම්කාරයොන්ගේ වැඩ ටික එළියට - CCTV


හික්කඩුව නලාගස්දෙණිය ප්‍ර‍දේශයේ සුපිරි  වෙලඳසැලක් අවස්ථා කිහිපයකදී කොල්ල කා ඇති අතර ලක්ෂ 7 ට ආසන්න වටිනාකමකින් යුක්ත බඩු කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බවට වාර්තා වෙනවා.
\
එම කොල්ලයන් සියල්ල වෙලඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබෙනවා.

වෙලඳසැල පිටුපස පිහිටි ගබඩා කාමරය අසලට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනා අවස්ථා කිහිපයකදී භාණ්ඩ මුදල් දී රැගෙන යන බව පෙන්වමින් නොසිතන අයුරින් ඒවා සොරකම් කිරීම සිදුකරන්නේ පහත අයුරින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

චාවකච්චේරියෙන් හමුවූ 
අධි බලැති පුපුරණ ද්‍රව්‍යවල ඡායාරූප

චාවකච්චේරි ප්‍රදේශයේ නිවසකින් සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය කොළඹ - වැල්ලවත්ත ප්‍රදේශයට ගෙන ඒමට සැලසුම් කර තිබුණේ ද යන්න පිලිබඳව ආණ්ඩුව හෙළි කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ මෙය හුදෙකළා සිදුවීමක් නොවන බවයි. 

එම පුපුරණ ද්‍රව්‍ය බවට පැවසෙන ඡායාරූප කිහිපයක්ද මේ වන විට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙනවා. එම ඡායාරූප පහතින්.....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එළියෙන් සම්බාහනේ පෙන්නලා 
ඇතුලෙන් වෙන දේවල් පෙන්වපු 
වැල්ලවත්තේ තායි සුවය

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වැල්ලවත්ත 42වන පටුමගේදී පොලිසිය විසින් වටලා ඇති බවට වාර්තා වෙනවා.
මෙම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකරු මෙන්ම විදේශීය කාන්තාවන් දෙදෙනෙකු සහ එහි සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 5 දෙනෙකු ද  අත්අඩංගුවට ගත් බවටද වාර්තා වෙනවා.
 

මේ අය අතරින් විදේශීය කාන්තාවන් තායිලන්ත ජාතිකයින් බවටද හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලාංකික කාන්තාවන් මහනුවර, පාදුක්ක, මීගමුව ප්‍රදේශවල සිට පැමිණි අය බවයි පැවසෙන්නේ...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජනප්‍රිය මාධ්‍ය ආයතනයක 
සේවකයින් 500 කට රැකියා නැතිවෙයි


අල් - ජසීරා මාධ්‍ය ජාලයේ සේවය කරන සේවකයින් 500 දෙනෙකු රැකියාවලින් ඉවත් කරන බවට එම ආයතනය දැනුම් දී තිබෙනවා. 

බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ මෙම රැකියා කප්පාදුව ලොවපුරා සිටින අල් ජසීරා සේවකයින්ට බලපාන නමුත් වැඩි බලපෑමක් එල්ල වන්නේ කටාර් රාජ්‍යයේ සේවකයින් හට බවයි.

අල් ජසීරා මාධ්‍ය ජාලයේ වැඩබලන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ පිළිබඳව පවසා ඇත්තේ මෙය තරමක අපහසු තීරණයක් වුවත් එය නිවැරදි බවට ආයතනය විශ්වාස කරන බවයි. 1996 දි ආරම්භ වූ අල් ජසීරා මාධ්‍ය ජාලය මේ වන විට ලොව පුරා රටවල් 70 ක පිහිටා තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මොනරෙකු මස් කළ තුවක්කුවක් 
අතින් ගත් නරුමයාගේ 
පැටිකිරිය හෙළිවෙයි - Photos

මොණරෙකු දඩයම් කර මස් කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයා මේ වන විට හඳුනා ගෙන තිබෙනවා. ඔහු දංකොටුව  ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ බෑණා කෙනෙකු බවයි හෙළි වී ඇත්තේ.
අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට ඉහතදි  නීතී විරෝධි ගිණි අවියක් භාවිතයෙන් මොණරාට වෙඩි තබා තිබෙන බවටයි වාර්තා වෙන්නේ. අනතුරුව ඌව පට්ට ගසා ඇති බවටද හෙළිව තිබෙනවා.

2015 වසරේ අගොස්තු මාසයේදී ආණමඩුව ප්‍රදේශයේදී  මෙම සිද්ධිය සිදුව ඇතැයි මුලික විමර්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

ඊට අදාළ ඡායාරූප ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි ප්‍රදර්ශණය කර තිබෙනවා. ඉතාලියේ සිට පැමිණි මෙම පුද්ගලයා පිළිබදව වන ජිවි දෙපාර්තමේන්තුව  සියලු තොරතුරු අනාවරණය කර ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ආදරයක් නොලැබුණු හිත්වලට 
ඇමරිකානු යුද නැවකින්ම ලෙංගතුකම 
අරන් ආපු සොඳුරු සෙබලුන් - Photos


කෙනෙක්ට උදව් කරන එක උතුම් මිනිස් ගතියක්. ආදරයක් සෙනෙහසක් නොලබපු පුංචි හිතකට සතුටක් දෙනවා කියන්නෙත් ගොඩාක් වටින දෙයක්.
ඒ වගේ හරි අපූරු වැඩක් කරපු පිරිසක් ගැන අපිට අහන්න ලැබුණා.


අවුරුදු 5 කට පස්සේ ලංකාවට ආපු ඇමරිකානු යුද නැවක සෙබලුන් පිරිසක් දෙහිවල පැත්තේ තියෙන ළමා නිවාසයකට ගිහින් තිබුණා.

ඒ අය එතනට ගිහින් ඒ පුංචි දරුවන්ට කෑම උයලා දීලා, ළමා නිවාසය සුද්ද කරලා, තීන්ත ගාලා එයාලත් එක්ක දවසක් ගතකරලා.

තෑගි අරන් දීලා ඒ අය වෙනුවෙන් කාලය වෙන් කරපු මේ සොදුරු හදවත් තියෙන සෙබලුන් නිසා ළමා නිවාසේ හිටපු අහිංසක පුංචි හිත්වලට ලොකු සතුටක් දුන්නු එකනම් මිල කරන්න බැරි දෙයක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හැම පැත්තෙන්ම අසාර්ථක වුණු 
අපේ ටීම් එක අවසන් තරගයේදීත් 
දකුණු අප්‍රිකාව ළඟ අසරණ වෙයි - වීඩියෝ


විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරගය ඊයේ පැවැත්වුණා.
දකුණු අප්‍රිකාව සමගින් පැවති එම තරගයේදීත් ශ්‍රී ලංකාවට පරාජය හිමිවුණා.


තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවාර 19 යි පන්දු 3 කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 120 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 17යි පන්දු 4කදි කඩුළු දෙකක් දැවී ලකුණු 122ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ එක් තරගයක් පමණක් ජයගත් ශ්‍රී ලංකාව අද දිවයිනට පැමිණීමට නියමිතයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සෙල්ලම ලෙල්ලම වෙලා ලිස්සලා ගිහින් 
බඩේ ඇණුනු උලත් අතින් අල්ලන් 
ඉස්පිරිතාලෙට ආව කොල්ලා - වීඩියෝ


අපිට අනතුරක් වෙන්න යන්නේ තත්පර ගාණක පුංචි වෙලාවක් විතරයි. හැබැයි ඒ අනතුරෙන් සමහර විට අපිට මාස ගාණක්, අවුරුදු ගාණක් විඳවන්න වෙනවා. ඔය විදියට සෙල්ලම් කරන්න ගිහින් කරදරයක් වුණු ශිෂ්‍යයෙක් ඊයේ (28) බුලත්සිංහල රෝහලට අරන් ආවා. හැබැයි හිතුවට වඩා දරුණු විදියට මෙයාට තුවාල වෙලා තිබුණා.

ඒ ගඟේ සෙල්ලම් කරන වෙලාවේ මෙයා ලිස්සලා ගිහින් බඩේ උලක් ඇනිලා තිබුණු නිසා. මෙයාව මුලින් බුලත්සිංහල රෝහලට අරන් ආවත් ඒකෙන් හොරණ රෝහලට මාරු කරලා එවලා තිබුණා.


වෛද්‍යවරු සැත්කමක් කරලා මේ උල අයින් කරන්න කටයුතු කරලා තියෙනවා. ඔහු තමන්ගේ අතින්ම ඒ උල අල්ලගෙන රෝහලට ආපු හැටි තමයි මේ......

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගැහැණු රොත්තක් 
සවුත්ලන්ඩ්ස් දැරියකට මහපාරේ දී 
ගහපු හැටි (VIDEO)

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනී ශාන්ති සෙනෙවිරත්න මහත්මිය එම පාසලෙන් මාරු කිරිමට ගෙන ඇති බව කියන තීරණයට විරෝධය දක්වා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි සිසුවියන් දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් ඊයේ ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිටදි ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හරස්කොට දැවැන්ත විරෝධතාවයක නිරත වුණා.

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සුරකීමේ සංවිධානය මගින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණා.

ගාලු කොටුවේ  සිට පා ගමනින් පැමිණි විරෝධතාකරුවන්  ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිටදි ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිරවන පරිදි විරෝධතාවයේ නිරත වුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වෙරි වැඩි වෙලා ගුද මාර්ගයේ ඇණුනු 
උදලු මිට යටි බඩෙන් එළියට එයි - Photos


අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ නිවසක උඩුමහලකින් වැටුනු බීමත් පුද්ගලයෙකුගේ ගුද මාර්ගයෙන් ඇතුල් වී යටිබඩෙන් මතුවූ උදලු මිටක් ඉවත් කිරීමේ සාර්ථක ශල්‍යකර්මයක් අවිස්සාවේල්ල රෝහලේ සිදුකර තිබේ. පසුව රෝගියා දැඩි සත්කාරක ඒකකට යොමු කර තිබෙන  බවටද වාර්තාවේ. 

උදැල්ලද සමඟින් ඊයේ (28) රාත්‍රියේ අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ගුද මාර්ගයෙන් ඇතුල් වූ උදලූ මිට යටි බඩ ප්‍රදේශයෙන් අඩි තුනක් පමණ එළියට පැමිණ තිබෙන දක්නට තැබී ඇත.

එහි ඡායාරූප පහතින්...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නිරුවතින් මහරගම දිව්ව කත 
පොලිසිය අල්ලාගනී

මහරගම නගරයේ තැන තැන උපන් ඇඳුමින් සැරිසැරූ බව කියන ඇල්පිටියේ පිටිගල ප්‍රදේශයේ  විවාහක කතක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇති අතර ඇයව වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවටද වාර්තා වෙනවා.

අය මහරගම තරුණ සේවා සභාව මෙන්ම පිළිකා රෝහල අවට ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකම නිරුවතින් සිටි බවට තොරතුරු ලැබුණු පසුව පිරිසක් විසින් සොයා ගන්නා විට ගවුමකින් විළි වසා තිබූ බවද වාර්තා වෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගුවන් යානයක් පැහැරගැනේ

ඊජිප්තුවට අයත් ගුවන් යානයක් මීට සුළු වේලාවකට පෙර පැහැරගැනීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ගුවන් යානය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා සිට පියාසර කරමින් තිබී ඇති අතර එහි ගමනාන්තය පිළිබඳව තොරතුරු මෙතෙක් හෙළිවී නැතිබවයි සඳහන් වෙන්නේ.  

කෙසේ නමුත් ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ යානය සයිප්‍රස් හි ගුවන් තොටුපොළකට ගොඩබස්වා ඇති බවයි.

මේ වන විට යානයේ ගමන් ගත් පුද්ගලයින්ගෙන් විදේශිකයින් 5 දෙනෙකු හැර අනිත් සියළු දෙනා නිදහස් කරගෙන ඇති බවටද මාධ්‍ය වාර්තා කරනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගාල්ල හොල්ලන පාතාල කල්ලියේ 
අලුත්ම වෙඩිල්ලෙන් 
මහදවල් එළොව ගිය සුසන්ත


අම්බලන්ගොඩ ධීවර වරායට ඊයේ (28) පෙරවරුවේ පැමිණි සන්නද්ධ පාතාල සාමාජිකයකු එහි සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර දෙනෝදහසක්‌ දෙනා බලා සිටියදී පලාගොස්‌ ඇති බවට වාර්තා වෙනවා.

නාවික හමුදාවේ නිලධාරීන් අටදෙනකු සන්නද්ධව ධීවර වරායේ රාජකාරි කරමින් සිටි අවස්‌ථාවේ පාතාල අපරාධකරු මෙම ඝාතනය සිදුකර නිරුපද්‍රිතව පලාගොස්‌ ඇති බවයි පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ.

ගාල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන පොඩි ලැසී නමැති පාතාල නායකයාගේ කණ්‌ඩායම සහ මීට මාස කීපයකට පෙර ඝාතනයට ලක්‌ වූ මනෝඡ් මෙන්ඩිස්‌ නායකත්වය දුන් පාතාල කල්ලිය අතර දීර්ඝ කාලයක පටන් පවතින ආරවුලක්‌ මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය පවසනවා.

ඊයේ පෙරවරුවේ 10.45 ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්‌වූයේ ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කේ. ඩබ්ලිව්. සුසන්ත නමැති ධනවත් ව්‍යාපාරිකයෙකි.

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats