Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Doctors save life of girl who attack by cobra  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නාග විෂ එක්ක සටන් කර ඇඟිල්ලෙන් 
කැබැල්ලක් අහිමි කරගෙන එලොව ගිහින් 
මෙලොව ආව පුංචි දියණිය 


ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියකගේ කකුලට නාගයකු දෂ්ට කර තිබියදී ඇයගේ පාදය බෝතල් කැබැල්ලකට කැපී ඇතැයි සිතා දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ දිවි බේරා ගැනීමට සමත් වුණු වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පුවත් වාර්තා වෙනවා.

මෙම නාගයා දැරියගේ වම් පාදයේ මාපට ඇඟිල්ලට දෂ්ඨ කර ඇති අතර පසුව එයින් කොටසක් කපා ඉවත් කිරීම මඟින් ඇයගේ ජීවිතය බේරාගෙන ඇත්තේ හදිසියේ සිදුකළ සැත්කමක් නිසාවෙනුයි.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මොරගොල්ලාගම ගෝනලාගම ලිපිනයේ පදිංචි සිව් හැවිරිදි ඒ. එම්. ශෂිණි විනෝද්‍යා රාජපක්ෂ නමැති  දැරියක්. ඇය පසුගිය 18 වනදා මිදු‍ලේ සෙල්ලම් කරමින් සිටියදී  එකවරම කෑ ගසමින් පැමිණ ඇත්තේ කකුලේ ලේ ගලමිනුයි.
මෙය දුටු නිවැසියන් බෝතල් කැබැල්ලකට කකුල කැපුණා යැයි සිතා වත්තේ තිබූ ඖෂධීය පැළෑටියක කොළ වර්ග තලා ‍ලේ ගැලීම නතර කිරීමට උත්සාහ දරා ඇති නමුත්  ඇය වේදනාවෙන් පසුවන නිසා පසුව රෝහලට ඇතුළත් කර ඇත්තේ ද බෝතල් කැබැල්ලකට කකුල කැපුණා යැයි පවසමින්.

කෙසේ නමුත් වෛද්‍ය රසික ගුණවර්ධන මහතා දැරියට සර්පයකු දෂ්ට කර ඇති බව නිගමනය කොට රෝහ‍ලේ ගිලන් රථයෙන් ඇය වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන ඇති අතර එලෙස ඇය රෝහලට යන අතරතුර නිවැසියන් දරුවා සෙල්ලම් කළ ප්‍රදේශය පරීක්ෂා කොට එහි තුඹසක සිටි නාගයකු දැක නාගය මරා යළි රෝහල කරා පැමිණ තිබේ.

නාගයකු දෂ්ට කර ඇති බව දැනගත් වෛද්‍යවරයා ගිලන් රථයෙන් රැගෙන යන රෝගියාගේ තත්ත්වය විමසන විට ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පැවසීමත් සමගම ගමන් මග වෙනස් කොට ඇය මහව දිසා රෝහලට ඇතුළත් කරන ලෙස හෙතෙම ඔවුනට උපදෙස් දී තිබේ.

එකී උපදෙස්වලට අනුව ඇය මහව දිසා රෝහලට ඇතුළත් කිරීමත් සමගම එහි වෛද්‍ය කපිල රත්නායක මහතා නාග විෂට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබා දෙමින් තවත් හෙදියන් දෙදෙනකුද රැගෙන දැරිය කැටුව එම ගිලන් රථයෙන්ම යළි කුරුණෑගල රෝහල බලා පිටත්ව ගොස් ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන දැරියක ගෙනෙනා බව ඔවුන් විසින් එම රෝහලට ද දැණුම් දී තිබුණි.
ඒ අනුව වහා දැරිය එම රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාගයා දෂ්ට කර ඇති මාපට ඇඟිල්‍ලේ සෛල අප්‍රාණිකව තිබූ ප්‍රදේශයට ප්‍රතිකාර කිරීමේ අපහසුව නිසා ඇයගේ දිවි බේරා ගැනීම උදෙසා නිය‍පොත්ත ප්‍රදේශයෙන් කොටසක් කපා ඉවත් කිරීමට සිදු වී යැයි එම රෝහ‍ලේ සේවකයෝ පැවසූහ.

දින හයක් තිස්සේ එහි ප්‍රතිකාර ලැබූ දැරිය මේ වන විට තම නිවසට පැමිණ සිටින අතර මාපට ඇඟිල්‍ලේ කොටසක් කපා හෝ දැරිය බේරා ගැනීමට හැකි වීම වාසනාවක් බවත්, නිකවැව හා මහව රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේත්, කුරුණෑගල දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම ඉතා අගය කරන බවත්  දැරියගේ මව වන රේණුකා කෝරළේගම මහත්මිය පවසා තිබේ.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats