Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Two Girls Becomes Monk In Dehiwala  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහණදම් පිරූ සැමියාගේ මඟ යන්න 
හොඳම මිතුරියත් එක්ක සසුන් ගතවුණු 
මෙහෙනින් වහන්සේගේ ඔබ නොදත් ජීවිත කතාව

බැඳීම් එක්ක ජීවිතේ ගත කරන්නනම් පැවදි වෙලා බෑනේ...මම ආස කළේ නිදහසේ ජීවත් වෙන්න... හැමදේම අතහැරලයි මෙහෙනින් වහන්සේ කෙනෙක් වුණේ...



මේ ලෝකේ හැමදෙයක්ම නැතිවෙනවා වගේම වෙනස් වෙනවා. ඒක ලෝක ධර්මතාවය. රූපයට, බැඳීමට, ආදරයට වගේම සතුටට ලෙංගතු වෙන හැම කෙනාටම දුක, වේදනාව, දුරස්වීම අනිවාර්යෙන්ම අත්විදින්න වෙනවා. ඒක හැම කෙනාටම පොදු කාරණයක්.

මේ සසර දුක තේරුම් ගෙන පැවදි දිවියට ඇතුලත් වුණු මෙහෙණින් වහන්සේ කෙනෙක් ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා. ඒ නිසාම ඒ විදිහට ජීවිතේ හරි පාර හොයාගෙන ශාසනය බබලවන්නට සසුන්ගතවූ ඒ මෙහෙනින් වහන්සේ ගැන හොයලා බලන්න හිරු ගොසිප් අපි තීරණය කළා. මේ මෙහෙනින් වහන්සේගේ පැවදි නම ආශ්‍රමවාසී භික්කුනී ඛේමා.
මීට මාස දෙකකට කළින් රූමත් තරුණියක් විදිහට ජීවිතේ ගෙන ගිය ඇය රේඛා සඳුනි අරන්ගල .
පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වුණු සඳුනි මීට අවුරුදු 3 කට විතර කළින් විවාහ ජීවිතයට ඇතුල් වෙලා.

ඒත් ජීවිතේ අනිත්‍ය තේරුම් ගත්තු රේඛා සඳුනිගේ ස්වාමිපුරුෂයා ජීවිතේ හරි පාර තේරුම්ගනිමින් ශාසනය වෙනුවෙන් ජීවිතය කැපකරමින් පැවදි බිමට ඇතුල් වන්නේ සිරි සදහම් ආශ්‍රමයේදීම ධම්ම ඕග හිමියන් ලෙසින්.

පුංචි කාලයේ සිට ශාසනය කෙරෙහි තිබූ නැඹුරු බවත් නිවැරදි බෞද්ධ දර්ශනයත් තේරුම් ගත් අවුරුදු 32 ක් වුණු සඳුනි පසුගිය මැයි පළමු වැනිදා තම ස්වාමියා ගමන් කළ නිවැරදි මාවතේ ගමන් අරඹන්නේ මෙහෙනින් වහන්සේ නමක් ලෙස ශාසනයට ඇතුලත් වෙමින්.

ඒ දෙහිවල සිරි සදහම් ආශ්‍රමයේදී.

එහි තවත් විශේෂත්වයක් වන්නේ පුංචි කාලයේ සිට තම හොඳම මිතුරිය වූ ශාමලී දීප්තිකාද ආශ්‍රමවාසී භික්කුනී සුසිලා මෙහෙනින් වහන්සේ නමින් පැවදි බිමට එක්වීම.

ජීවිතය නිෂ්ඵල බවත් දුක හා අනිත්‍ය බවත් අවබෝධ කරගනිමින් ශාසනික මෙහෙවරක් ඉටුකරන්නේ සමාජය තුල සිතන්නට යමක් ඉතිරි කරමින්.

ජීවිතේ අපි තියාගන්න බලාපොරොත්තු එක පාරටම කඩාවැටුණොත් ඒකට මුහුණ දෙන්න හුගක් වෙලාවට අමාරුයි. ඒ වගේම මිනිස්සුන්ට ඒ තරම් හයියක් ශක්තියක් නැහැ.

ඒ නිසාමයි අද හුගක් අහන්න දකින්න ලැබෙන ජීවිත නැතිකරගැනීමේ සිද්ධි පවා වාර්තා වෙන්නේ. සමහරු පන්සල් ගිහින් හිතහදාගන්නවා.. තවත් සමහරු මත්පැනින් හිත හදාගන්නවා..  තවත් අය සියදිවි නසාගන්නවා. එක එක මිනිසුන් දුක්, ප්‍රශ්න, කරදර බාරගන්න විදිහ වෙනස්.

මෙන්න මේ දේට පිළිතුරු සොයා යන මිනිසුන් අතරේ හරි තීරණයක් ගත්ත උතුම් කෙනෙක් විදිහට අපිට මේ මෙහෙනින් වහන්සේ දෙනම හදුන්වන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ.

මෙහෙනින් වහන්සේ නමක් විදිහට ශාසනයට ඇතුල් වෙන්න හේතුව ගැන ඇහුවාම ආශ්‍රමවාසී භික්කුණී ඛේමා මෙහෙනින් වහන්සේ කිව්වේ මේ වගේ කතාවක්.

"  මගේ අම්මා ගුරුවරියක්.. පවුලේ ඉන්නේ අයියයි, අක්කයි, අම්මයි, තාත්තයි. පොඩි කාලේ ඉඳලම මම ආගමට ලොකු නැඹුරුවක් තිබ්බා.. නිවන් මග වඩනවා.. බැදීම් පසුපස හඹා යෑමක් නැහැ දැන්.. බැදීම් එක්ක ජීවිතේ ගත කරන්නනම් පැවදි වෙලා බෑනේ.. ඉතිං ඒ හැමදෙයක්ම දුරස් කරලා තමයි මෙහෙනින් වහන්සේ කෙනෙක් විදිහට පැවදි වුණේ. පැවදි වෙන්න කැමැත්තක් තිබ්බා.. මම ආසා කළේ නිදහසේ ජීවත් වෙන්න.. හිරවෙලා එකතැනකට කොටුවෙලා ඉන්න මම කැමති නැහැ. මම අවුරුදු 6 ක් දේශනා ඇහුවා.. මේ හැමදේම එක්ක මම පසුගිය මැයි පළවැනිදා මහණ වුණා. ඒ මගේ හොඳම යාළුවත් එක්ක. දැන් මම දෙහිවල සිරි සිරි සදහම් ආශ්‍රමයේ වැඩ වාසය කරනවා. "


තරුණ හදවත් සැම සම්පත්, සතුට, මුදල්, බැදීම් පසුපස එළවද්දි මේ විදිහට තමන් විවාහ වුණු ස්වාමිපුරුෂයත්, හොඳම යෙහෙළියත් බුදුන් කියා දුන් මග යන්න ගත්ත තීරණය කරපු මේ මෙහෙනින් වහන්සේට මේ සසර දුක තේරුම් ගෙන නිවන් අවබෝධවන්නට හේතු වාසනා වේවා.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats