Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Mahasohon Awatharaya - Holman Katha  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහ රෑ ජාමේ හමු වූ මහසොහොන් 
අවතාරය - හොල්මන් කතාව

සවස් යාමයේ එළපු මාළු දැල කාටත් කලින් එකතු කිරීම පුරුද්දක් කරගෙන සිටි සිසිර ඒ සඳහා ගෙදරින් පිටවන්නේ පාන්දර හතරට පමණය. අද ඊටත් පැයකට පමණ කලින් ගෙදරින් පිටවුණේ තවත් කුමන හෝ අරමුණක් පෙරදැරි කරගෙනය. නිවෙසේ සිට සැතපුම් එකහමාරකට පමණ වැඩි දුර ගමන් කිරීමට ඇති එම අතුරු මාර්ගයේ වැඩි හරියක් ගහකොළින් හා අකුල්වලින් ගහණය. නියමිත ස්ථානයට ආ සිසිර බයිසිකලය අකුලකට හේත්තුකොට කජු ගහ මුල හොරගල් අහුලන්නට පටන් ගත්තේය.

කාලය විනාඩි ගණනක් ගෙවෙන්නට ඇත. 'සරාස්' හඩින් ඇදී ආ අකුණුසරක් වන් සුළං පොදක් සිසිර හා කජු ගහ පසුකර වැලි පාරේ අනෙක් පැත්තද පසු කරමින් ගස් වැල් අතරින් ඇදී නොපෙනී ගියේය. ඒ සමඟම අඳුරු අකුලක් අතරින් පාරට පැන්න තඩි බලු තඩියා දැකීමෙන් සිසිරගේ බලාපොරොත්තු බොඳව යන්නට පටන් ගත්තේය.

මීට දවස් දෙක තුනකට කලින් මේ ස්ථානය පසුකර ගං ඉවුරට බයිසිකලයෙන් ගමන් කරමින් සිටි සිසිර හඳ එළියේ දුටුවේ අඩු තරමේ රාත්තල් හැට හැත්තෑවක් තරම් වූ තඩි උෟරෙකි. ගම් උෟරෙකුද, වල් උෟරෙකුද යන්න කෙසේ වෙතත් කුදලා ගත්තොත් රුපියල් දාහකට කිට්ටු ගණනකට මස් කළ හැකි යැයි ඔහුගේ සිත සතුටින් ඉපිල ගියේය. එහෙයින් කෙසේ හෝ උෟරා කුදලාගත යුතුමය යන පරමාර්ථයෙන්ම මද්දක් ද, තඩි ගෝනියක්ද තවත් වුවමනා දේද බයිසිකලයේ ලැගේජය මත වේලාව එනතුරු මඟ බලමින් සිටියේය.

බල්ලකු ඇති තැන උෟරකු පැත්ත පළාතකවත් නොසිටින බව සිසිර දන්නේ ඒ පැත්තේ උදවිය උෟරන් මෙල්ල කිරීමට බල්ලන් යොදා ගන්නා සැටි ඕනෑ තරම් දැක ඇති හෙයිනි.

අකුල අතරින් එළියට පැන්න තඩි බලු තඩියා නිසා තම ඉලක්කය අපතේ ගිය බව සිතූ නමුත් ඊළඟ මොහොතේ සිසිර දුටුවේ තමන් සිටි කජු ගහ ළඟ සිට යාර සියයකට පමණ එහායින් මතු වූ උෟරු තඩියාවය. තවත් කල්පනාකර නොහිඳම මන්නය අමෝරාගත් සිසිර උෟරු තඩියා වෙත කඩා පැන්නත් එක පිම්මට අකුලට පැන්නේය. මෙසේ දවස් තුන හතරක්ම මේකා කුදලාගන්න උත්සාහ ගත්තත් ඒ හැම මොහොතකම සිසිර උෟරා අසලට කිට්ටුවත්ම උෟරා අකුලට රිංගන්නේය.

උත්සාහය අත නොහැරිය සිසිර මන්නය පසෙකලා මද්ද අතින් ගෙන කජු ගහ යට කුරුමානම් ඇල්ලුවාය. එවර පෙරදින දුටු කළු බලු තඩියා යළි පාර හරහට ආවේ කොහෙන්දැයි සිතන්නටවත් කාලයක් තිබුණේ නැත. උෟරා පාරට එන්නට මත්තෙන් බලු තඩියා එළවා ගන්නට ඔහු කලින්ම ලැහැස්තිය. තබා සිටි පොලු මුගුරෙන් දමා ගැසුවේය. 'බ්‍රෑහ්...' හ¾ඩින් බෙරිහන් දෙමින් කකුල් කරේ තියාගෙන දුවනවා වෙනුවට උෟ සිටි සැටියෙන්ම සිසිර දෙස ඔරවා බැලුවේ ලේ කුට්ටියක් මෙන් එල්ලා හැලෙන දිවද එළියට දාගෙනය. ඒ මදිවට ඇස්වලින් නික්මුණු ගින්දර එළියට සිසිර තැති ගත්තේය. ඔහු අතේ වූ අනෙක් පොලු මුගුරෙන්ද බලු තඩියාට දමා ගැසුවේය. බල්ලා නැති විය. ඒ වෙනුවට ඒ වාගේම බලු රැලක් එක දිගට සිසිර පසුකර දිව ගියා නොව ඉගිල්ලුණහ.

උෟරු තඩියා ගැන වූ තෘෂ්ණාව ඒ සෑම සිදුවීමක්ම යටපත් කර තිබුණේය. ඔහුගේ බලාපොරොත්තුව සඵල කරමින් ඊළඟ තප්පරයෙන් උෟරු තඩියා පාර මැද පෙනී සිටියේය. දෙවරක් නොසිතාම මද්ද උෟරාගේ බෙල්ලට විසි කෙළේය. සිසිරගේ උත්සාහය සාර්ථක වෙමින් මද්ද උෟරාගේ බෙල්ලටම වැටුණේය. සිසිර මන්නය ද අතැතිව උෟරා තමන් ළඟට අදින්නට වුවත් ඔහුට දැනුණේ කළුගල් පර්වතයක් තමන් ළඟට අදින්නට උත්සාහ ගන්නා බවකි. බැරිම තැන මන්නය අමෝරාගෙන උෟරා ළඟට පැන්නත් සිසිරගේ අතේ වූ මන්නය කවුරුන් විසින් හෝ උදුරා පොළොවේ ගසා දමනු ලැබීය. ඒත් එක්ක ඔහු දුටුවේ උෟරාගේ රන් පැහැ ගැන්වුණු දිව දෙකෙළවරින් ලේ වැගිරෙමින් තිබූ බවකි. ඒ සමඟම සිසිරව ඔසවා පොළවේ ගසා දැමුවාක් මෙන් වේදනාවක් පිට කොන්දට දැනුණි.

පසුදින පාන්දර එම අතුරු මාර්ගය හරහා ගංඉවුරට ගමන් කරමින් සිටි ජයසේනට සිසිර හමුවන විටත් ඔහු සිටියේ වැලි පොළොවේ කොන්ද බදාගෙනය. ඒ ඉරියව්ව ඒ මොහොතේ සිට හරියටම දවස් හතක් යනතුරුම සිසිරට උරුම වූ අතර, අටවැනි දවස උදාවෙත්ම ඔහු මියගොස් සිටියේය. සිසිර තම ජීවිතය අහිමිවනතුරුම දවස් හතරක් පහක් පුරා ලුහුබැඳ ඇත්තේ 'මහසෝනා' පසුපස බව ඔහුට ඒත්තු ගියේ අවසන් තෙල් සාත්තුව හිස ගල්වන්නට උත්සාහ කළ අවස්ථාවේ යමකු කියනු ඇසීමෙනි.

කලා වැවේ එක්තරා ඉසව්වක බිළී පිත්තක් ආධාරයෙන් මසුන් ඇල්ලීමේ කර්මාන්තයේ යෙදී උන් චන්දරේ ඒ රාජකාරියට යන්නේ පාන්දර දෙකට විතරය. ඒ අනුව ඔහු පාන්දර පහ, හය වනවිට වැව් මාළු රාත්තල් දහයක් ‍ෙදාළහක් ගොඩ දාගන්නේය. කිසිදු අපහසුවකින් තොරව මාළු ටිකක් බා ගැනීමට මෙතරම් කදිම තැනක් ඔහු සොයා ගත්තේ දවස් කිහිපයක විමසිල්ලකිනි. මීට පෙර ඔහු මාළු බෑවේ පොදු ස්ථානයක වූ නමුත් එතැනට රොක්වන බිළීපිතිකරුවන් රොත්ත නිසා මෙතරම් ඵලදාවක් ඔහුට ලැබුණේ නැත.

අලුත් තැන ඔහුට සුවදායක මෙන්ම වාසිදායක වුවත්, සති දෙක තුනක් යද්දී එතැනටද එකෙක් හොම්බදාන්නට පටන් ගත්තේය. කිසිදු කතා බහක් නොමැති එම පුද්ගලයා චන්දරේට යාර තුන හතරක් තරම් කිට්ටුවට පැමිණ මාළු බෑම ගැන නම් චන්දරේ සිටියේ තරමක් කෝපයෙනි. ඔහු අමුත්තාට රවන්නට, ඔරවන්නට වුවත් කළුවරේ ඒ කිසිවකුත් දෙන්නාගෙන් කාටවත් පෙනුණේ නැත. දවස් දෙක තුනක් යද්දී අපූරු දෙයක් සිදුවුණේය. චන්දරේ අමාරුවෙන් බිළිබාගන්නා මාළු කූරි ටික පන්මල්ලට දමාගෙන නිවෙසට ගියත් මල්ලේ එකදු මාළුවෙක්වත් හිටියේ නැත. මෙය දවස් දෙක තුනක්ම සිදුවිය. ඔහුට අමුත්තා අවිශ්වාස කිරීමටද නොහැකිය. බැරිම තැන ඊළඟ දවසේ ඔහු මැටි මුට්ටියකට අළු දමාගෙන ගියේය.

දැන් වෙනදා තරම් චන්දරේට සරු නැත. පැයකට පමණ ආසන්න වේලාවක් බිළී පිත්ත වැවේ ඔබාගෙන සිටියත් අහුවුණේ මාළු කූරි දෙක තුනකි. ඔහු අමුත්තා දෙස බැලුවේය. ඒකා පාඩුවේ පිත්තක් වැවට එල්ල කරගෙන සිටි නමුත් අල්ලන මාළුවෙක්නම් පෙනෙන්නට නොවණි. එදා අල්ලාගත් මුල්ම මාළුවා බිළී කටුවෙන් මුදවාගෙන අළු මුට්ටියට දමන්නට සැරසුණා පමණකි.

'දඩස්' ගා කවුරුන් හෝ මුට්ටිය කුඩුපට්ටම් වන්නට පා පහරක් එල්ල කළේය. ඒ සමඟම අත වූ මාළු කූරියාද යළි වැවට කරණමක් ගැසුවේය. තිගැස්සී ගිය චන්දරේ සිතුවේ තමන් අසල සිටි අමුත්තා එසේ කරන්නට ඇතැයි කියාය. එහෙත් ඔහු පාඩුවෙ සිටියේ කිසිවක් නොදුටු ගාන්ටය.

'ඕයි... මෙතැන හොල්මන් ඉන්නවද...?' අසූහාරදාහට තදවී සිටි චන්දරේ අනෙකාගෙන් ඇසුවේය. ඔහු 'ඔව්' කියන්නාක් මෙන් ඔළුව උඩට පහළට වැනුවේය. ඒ සමඟම ඔහු නැඟී සිටියේය. දුටු දසුනෙන් චන්දරේගේ ඇස්ගෙඩි ලොඳ පනින තරමට විශාල වුණේය. අමුත්තාගේ දකුණුපසින් ගොඩගසා තිබුණේ දඟලමින් සිටි මාළු කූරි රොත්තකි. අඩු තරමේ රාත්තල් දහයක් පහළොවක්වත් එතැන තිබෙන්නට ඇත. ඊළඟ මොහොතේ අහුරුපිටින් අතට ගත් මාළු කූරි අමුත්තා විසින් යළි ගඟට මුදා හරිනු ලබනු දුටු චන්දරේගේ කෝපය තවත් උග්‍ර අතට හැරුණේය.

'තමුසෙ මහ ඊර්ෂ්‍යාකාරයෙක් ඕයි...'

චන්දරේ තම සුරත වූ බිළී පිත්තෙන් වැරෙන් පහරක් අමුත්තාට දමා ගැසුවේය. කිහලි අතර සිරවුණු බිළී පිත්ත යළි ඇද ගැනීමට චන්දරේට තම සිරුරේ මුළු ධෛර්යයම මදිවිය. අවසානයේ බිළී පිත්ත 'පටාස්' ගා දෙකට කැඩුණේය. ඉතිරි බිළී පිති කොටේ අමෝරාගෙන ඔහු අමුත්තා වෙත කඩා පැන්නේය. එහෙත් චන්දරේගේ මුළු සරුවාංගෙම සට සට... ගා වෙව්ලන්නට පටන් ගත්තේ අමුත්තාගේ විරූපී මුහුණත් ඔහු මතින් නික්මුණු ඉවසාගත නොහැකි පළුණු ගඳත් නිසාය. තවත් සිතන්නට දෙයක් නැත. මේ නම් සැබැවින්ම 'අවතාරයක්' බව වැටහුණු චන්දරේ ආපසු හැරී දිවයන්නට උත්සාහ කළද එක්වරම සිහි විසඥව ඇද වැටුණේය.

gossip.shaafm.lk

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats