Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Gangarama tuskers in kandy esala perahara  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දළදා පෙරහරේ කරඬු වැඩම කළ ගංඟාරාමයේ ඇත්තු




බෞද්ධ සංස්කෘතිය හා අලි ඇතුන් අතර ඇත්තේ දැඩි බැඳීමකි. ජාතක පොතේ අවස්ථා ගණනාවකදී බෝධිසත්වයෝ ඇත් කුලවල ඉපිදි සිටි අතර සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගන්නා මොහොතේදී මහාමයා දේවිය දුටු සිහිනයේත්, පාරිලෙයය ඇත් රජුත්, ගිරිමේඛලා ඇතා මෙන්ම නාලාගිරි ඇතා අළලා බෞද්ද සංසකෘතියේ නොයෙක් කතාපුවත් පවතී. එමෙන්ම ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එන දුටුගැමුණු මහරජුගේ කඩොල් ඇතාත් මෑත ඉතිහාසයේ අඩසිය වසකට අධික කලක් ඇසල මහා පෙරහැරේ සධාතුක කරඬුව රැගෙන ගිය දළදා මාළිගාවේ ”රාජා” ඇත් රජුද ඉතා සුවිශේෂී වේ.

එමෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙරහැර මංගල්‍යයේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාළිගයේ ඇසල මහා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවන ඇත්රජු වීමට නම් පින්සාරවත් අතෙකු විය යුතුයි. 

දිවයිනේ නන් දෙසින් හස්ථි රාජයින් අතලොස්සක් මෙම කර්තව්‍යට දායක වීමේ අති දුර්ලභ අවස්ථාව හිමිකරගෙන ඇති අතර ඉන් අද අපි කතා කරන්නේ කොළඹ, හුණුපිටිය, ගංගාරාමයේ හස්ථිරාජ වංශය පිළිබඳවය.

හික්කඩුවේ ශ්‍රී  සුමංගල නාහිමිපාණන් වහන්සේගෙන් ඇරඹෙන ගංගාරාමයේ ඓතිහාසික වංශ කථාවේ තවත් අපූර්වත්වයක් වන්නේ විහාරස්ථානය සතු ඇත් පන්තියයි. එකී ඇත් පන්තියේ එවකට ඉතා දැකුම්කළු ඇත්රජුන් තිදෙනෙකු විය.

එනම් රුවන් රාජා, නවම් රාජා සහ අතුල හස්ති රාජයායි. මෙකී සද්දන්තයින් හැදී වැඩුණේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ සිරි ඤාණිස්සර නාහිමිපාණන් (පොඩි හාමුදුරුවන්) වහන්සේ සතු සත්ව කරුණාව යටතේ මෙකී සද්දන්ත ඇතුන් මෙල්ල වී සුවච කීකරු භාවයට පත්විය. 

1978 ඇරඹෙන කොළඹ නවම් මහා පෙරහැර සමගින් මෙම ඇතුන් පෙරහැර මංගල්‍යයන්ට කළඑළි බැසීම සිදුවිය. 

බුුදුරාජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ඉක්බිති හේමමාලා හා දන්ත කුමරුවන් විසින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලැබු ගෞතම බුදුරජාණන් වහන්සේ වාම දළදා වහන්සේට වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසල මහා පෙරහැරේ සධාතුක කරඬුව පින පහළ වන්නේ සුවිශේෂී ඇත් රජෙකුටම පමණි.

1988 ජූලි 16 වනදා ශ්‍රී  දළදා මාළිගයේ රාජා හස්ථියාගේ අභාවයෙන් අනතුරුව එම අවස්ථාව හිමිකර ගත්තේ රත්නපුර මහ සමන් දේවාලයේ රාජා ඇතායි. (විජයන්ත) සමන් දේවාලයේ ඇතාගෙන් පසු හෙයියන්තුඩුවේ රාජා ඇතා මෙම අවස්ථාව හිමිකර ගන්නා ලදී. 

රුවන් රාජා

වර්ෂ 1996 වසරේදී රත්නපුර රුවන්වැල්ල මොරාවත්ත වලව්වෙන් ගංගාරාමයට මාහැඟි වස්තුවක් ලැබිණ. (දළකොටා) නමින් හැඳින්වූ මෙම ඇතා මුල් යුගයේ ඉතා දරුණු හස්ථියෙකු ලෙස සුප්‍රකටව සිටියේය. රත්නපුරෙන් ලැබුන නිසා ”රුවන් රාජා” නමින් ආමන්ත්‍රණය කළ අතර ඇතු කලක් ගතවෙත්ම පොඩිහාමුරුවන් සෙවනේ ඇතිදැඩි වෙමින් මනා හික්වීමෙන් යුතුව පෙරහැර මංගළ්‍යයට එක් කිරීමට පොඩිහාමුදුරුවන් වහන්සේට හැකිවිය.

ගංගාරාමය, කැළණිය, බෙල්ලන්විල කතරගම පෙරහැර මෙම ඇතාගේ ගමණින් ශෝභමාන වූ අතර සධාතුක කරඬුව ගාම්භීරත්වයෙන් වැඩම කරවන්නට සමත්විය. රුවන් රාජා ලද පින් මහිමයෙන් හෙයියන්තුඩුවේ රාජා හා මාරුවෙන් මාරුවට 2002 වසර දක්වා මහනුවර ඓතිහාසික දළදා පෙරහැරේ කරඬුව රැගෙන යාමට තරම් පින්සාරවත් විය.

ඇතුගේ ඉදිරියට නෙරාගිය තියුණු දළ යුගලත්, උස්වූ ශරීරයත් නිසා දළදා කරඬුවත්, පෙරමුණේ රාල, ගජනායක නිලමේ යන ස්ථාන තුනේම වරින්වර ගමන් ගනිමින් උත්තම දළදා පූජාවට රුවන් රාජා දායක විය.

ගංගාරාමයට පමණක් නොව මෙරට හස්තිරාජ වංශය ශෝභාමත් කළ රුවන් රාජා 2003 වර්ෂයේ අභාවප්‍රාප්ත විය. ඉන් අනතුරුව එම ඇතුගේ දළ යුගලයත්, හිස් කබලත් යොදා ගනිමින් රුවන් රාජාගේ ජීවමාන ප්‍රමාණයටම එම ඇතුගේ මතකයන් රැඳෙන ලෙසට ප්‍රතිනිර්මාණය කර ඇත.

හුණුපිටිය ගංගාරාමයට යන-එන බොදුනුවන්ගේ මෙන්ම විදේශිකයන්ගේත් නෙත් පැහැර ගනිමින් රුවන් රාජාගේ පිළිරුව අභිමානයෙන් යුක්තව ගංගාරාමයේ ඉදිකොට ඇත.





අතුල ඇත් රාජා

ගංගාරාමයේ හස්ථි පන්තියේ හීලෑම හස්තියා වූයේ අතුල හස්තියායි. මෙම ඇතා ගංගාරාමයට ලැබෙන්නේ එවකට රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිළමේවරයාව සිටි ‘ඇන්ටන් අප්පො’ මැතිතුමාගෙනි. මුල් යුගයේ ඉතාමත් දරුණු අතෙකු වූ ”අතුල” පසුව ගංගාරාමයේ පින්මහිමයෙන් හික්මී දම්වැල් වලින් තොරව ඒ මේ අත ඇවිදිමින් සිටි බව ගංගාරාමයේ දායක දායිකාවන් පවසති.

මෙම ඇතා තරුණ වියේම ඉතා උස්වූ අතර ඉදිරියට දිගුවූ දල යුගලයත්, ‘ඉහකර’ ඔසවා සිටීමත් නිසා ඉතා දැකුම්කළු අභිමාණයක් ලැබිණ. කෙසේ නමුත් නොමනා හස්ථි පාලකයෙකුගේ ක්‍රියාකාරකමක් නිසාවෙන් ගංගාරාමය හැරදා අකාලයේ මියෑදෙන්නට සිදුවිය. උපසම්පදා උත්සව මෙන්ම, දිවයිනේ සුප්‍රසිද්ධ පෙරහැර ගණනාවකටම අතුලගේ දායකත්වය ලබා දී ඇත.




නවම් රාජා

නවම් රාජා ගංගාරාමයට පැමිණෙන්නේ ඉන්දියාවෙනි. එවකට ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහාරාජා කෙනෙකුගේ ඥාතිවරයෙකුගේ අක්‍ෂි රෝගයක් සුවකිරීමට පිළියන්දල නීලම්මහර වෙදහාමුදුරුවන් වහන්සේට හැකිවිය. මින් අපමණ උද්දාමයට පත් වූ මහාරාජ විසින් උන්වහන්සේට ඇත් පැටවුන් දෙදෙනෙකු පරිත්‍යාගකොට ඇත. කාලයාගේ ඇවෑමෙන් මෙම ඇතුන් දෙදෙනා නඩත්තු කිරීම අමාරු බැවින් එක් ඇතෙක් හොරණ ප්‍රදේශයේ අයෙකුටත්, අනෙක් ඇතා ඇඹිලිපිටිය ප්‍රදේශයටත් ලබා දී ඇත. හොරණ ප්‍රදේශයට ලබාදුන් ඇතා ධර්මවිජය වෙදරාළහාමි විසින් මිලදී ගෙන ඇත. වත්මන් හිමිකරු වන්නේ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාය. එනම් වත්මන් ඇසල මහා පෙරහරේ සධාතුක කරඬුව රැගෙන යන මංගල හස්ථිරාජයා වන නැදුන්ගමුවේ ඇත් රජායි.

ඇඹිලිපිටිය ප්‍රදේශයට ලැබුණු ඇතා කොළඹ, හුණුපිටිය, ගංගාරාමයට රැගෙන එන ලදී. 1978 ආරම්භ වන කොළඹ නවම් මහා පෙරහැර මංගල්‍යත් සමගින් මෙම ඇතා ”නවම් රාජා” ලෙස නම් තැබිණ. මුල් යුගයේ නවම් රාජාගේ දකුණු දළයට උඩින් වම් දළය පූට්ටූ වී තිබු අතර පසුව දකුණු දළය මතින් වම් දළය පිහිටියේය. මෙම සිද්ධිය ”මංගල ලක්‍ෂණයක්” බැව් පුවත්පත්වල පළවිය.

නවම් රාජා අවස්ථා කිහිපයකදීම නුවර පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම මෙන්ම ගජනායක නිළමේ, පෙරමුනේ රාල රැගෙන යාමට තරම් පින්කළ ඇතෙක් විය. කොළොම්පුර මහා පෙරහැර මංගල්‍යය වන නවම් මහා පෙරහැරේ ප්‍රමුඛ රාජකාරිය වන සධාතුක කරඬුව වැඩමවීම මෙන්ම බෙල්ලන්විල, කතරගම, කැළණිය ආදී පෙරහැර ගණනාවකටම දායක වීමට නවම් රාජාට හැකිවිය.

මෑත කාලයේ කොළොම්පුර යම් දළ පූට්ටු ඇතෙක් වූවාද ඒ කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් රාජයායි. 2001 ජූලි මස 08 වනදා අවසන් හුස්ම හෙළුවේ ගිහියන් මෙන්ම ගංගාරාමයේ ස්වාමින් වහන්සේලා ද සන්තාපයට පත් කරමිනි. 

බොහෝ ගරුබුහුමන් මැද මිහිදන් කළ ද වසර 04 කට පසු යළිත් වරක් නවම් රාජාට පණ දෙන්නට ගංගාරාමය කටයුතු සම්පාදනය කර ඇත. කළගුන සුවඳ හඳුනන මේ නවම් රාජාට සදාකාලිකවම ගෞරව දක්වනු පිණිසයි ඒ.





ගංගාරාම විහාරාධිපති, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ, ආචාර්ය කිිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ, ආචාර්ය පල්ලේගම රතනසාර ස්වාමින් වහන්සේ සහ ගරු පාලටුවේ ජිනරතන ස්වාමින් වහන්සේලාගේ අනුශාසකත්‍වයෙන් මෙම බාරධූර කර්තව්‍යය භාරකළේ එවකට 17 වන වියේ පසුවු කසුන් වික්‍රමසිංහ නම් තරුණයාටයි.

ගංගාරාම විහාරාධිපති, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ



කොළඹ නාලන්දා විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයන්හි ඉගෙනුම ලැබූ කසුන් වික්‍රමසිංහ සහජයෙන්ම කලාව සංස්පර්ශනය කළ අයෙක් විය. කලා නිර්මාණ තුළින් පන්නරය ලැබු ඔහු ”රුවන් රාජා” ගේ ජීවමාන පිළිරුව අති සාර්ථකව නිර්මාණය කරන්නට කටයුතු කරන ලදී.

2008 වර්ෂයේ ඉන්දියානු රජය විසින් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් අනුව බීන්‍ද්‍රභාරතී විශ්ව විද්‍යාලයෙන් (2008-2012) තම උපාධිය හදාරන කසුන් නැවත මවිබිමට පැමිණි අවස්ථාවේ ගෞරවණීය පොඩිහාමුදුරුවන් වහන්සේගේ ඉල්ලීම අනුව නවම් රාජා හා අතුල ඇත් රාජා ජීවමාන ප්‍රමාණයෙන් දළ හා හිස්කබල් උපයෝගී කරගනිමින් ඉතාමත් සාර්ථකව නිමකිරීමට කටයුතු කරනු ලැබීය.

නවම් රාජා, අතුල ඇත් රාජා හා රුවන් රාජා ජීවමාන ලෙසින් නිර්මාණය කළ කසුන් වික්‍රමසිංහ



ලංකාවේ ප්‍රථම වතාවට හස්තියෙකුගේ චර්මය (හම) භාවිතයෙන් තොරව සැකසු මෙම හස්ති නිර්මාන ත්‍රිත්වය ඉතිහාසගත වේ. චර්මයේ රැළි රේඛා ඉරියව් ජීවමාන අන්දමින් රෝමකූප හා කඳුලූ යනාදී සියල්ල කැටිකොට ගනිමින් කසුන් නවම් රාජාට හා අතුල ඇත් රජාට පණ පොවා ඇත. 

දිනපතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණෙන දස දහසක් දෙස්-විදෙස් මානව මානවිකාවන්ගේ ඇසට කඳුලක්, සිතට ප්‍රීතියක් අපගේ ගංගාරාම විහාරයේ නැසිගිය ඒ  අභීත කුංචනාදය පසක්කරනු වස් රුවන් රාජා, නවම් රාජා සහ අතුල ඇත් රජාගේ මූර්ති අභිමානයෙන් යුතුව විරාජමාන වේ.

මෙම ප්‍රතිනිර්මානයේ දී එම ඇතුන්ගේ ඡායාරූප හා ශාරීරික ලක්‍ෂණ ඒ අයුරින්ම, ජීවමාන ප්‍රමාණයෙන්ම චර්මයක් යොදා නොගනිමින් ප්‍රතිනිර්මාණය කිරීම ලංකාවේ ප්‍රථම වරට දැකගත හැක්කේ කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ දී පමණක් වීම විශේෂත්වයකි.

සටහන : අසංක ආටිගල
gossip.hirufm.lk


0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats