Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Volkswagen Bans on South Korea From Selling 80 Models in Country  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වොක්ස්වැගන් වාහන සඳහා 
තහනමක් පැනවීමට දකුණු කොරියානු රජය 
තීරණය කරයි.

වොක්ස්වැගන් සමාගමේ කොටස් එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් මෙරට ස්ථාපිත කරන්නට සූදානම් බවත් එය මේ වසර තුළ සිදු වන බවත් ආණ්ඩුව නිවේදනය කර කලක් ගතවී ඇත.

සැබැවින්ම නම් අග‍්‍රාමාත්‍යවරයාගේ පටන් අමාත්‍යවරුන් දක්වා මේ ගැන කතා කළේ මහත් ආඩම්බරයකින්ය. ඒ රාජපක්ෂ සමයේ මේ රට දෙස වැරැදීමෙන්වත් නොබැලූ සමාගම් රට දෙස බලන්නට පමණක් නොව ආයෝජනයට ද සූදානම්ව ඉදිරිපත් වීමේ ආඩම්බරය ය. රටක් සංවර්ධනය කරා යාමේ දී මෙවැනි ආයෝජන අවස්ථා උදාකර ගැනීම අත්‍යවශ්‍යය. ඒ ගැන වාදයක් නැත.

නමුත් පසුගිය දා දකුණු කොරියාවෙන් වොක්ස්වැගන් සමාගම ගැන අසන්නට ලැබුණේ යහපත් පුවතක් නොවේය. එයින් කියැවුණේ අගෝස්තු 02 වන දා පටන් වොක්ස්වැගන් වාහන සඳහා තහනමක් පැනවීමට දකුණු කොරියානු රජය තීරණය කර ඇති බවය. එසේම ඊට අනුව වොක්ස්වැගන් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන වාහන මාදිලි 80 ක පමණ අලෙවිය එරට තුළ තහනම් කර ඇත.

ඊට අදාළව වොක්ස්වැගන් සමාගමට ඇති චෝදනාව වන්නේ කාලයක් පුරා දකුණු කොරියානු රජයට අසාදු ලේඛන ඉදිරිපත් කර නිෂ්පාදිත මෝටර් රථ අලෙවි කිරීමය. අදාළ සමාගම අසාදු ලේඛන ඉදිරිපත් කර ඇත්තේ වොක්ස්වැගන් විසින් නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථවලින් පරිසරයට නිකුත් වන කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය හා එයින් නිකුත් කෙරෙන ශබ්දයේ ප‍්‍රමාණය සම්බන්ධවය.

මෙහි දී හුදු තහනමක් පැනවීමට සීමා නොවී වොක්ස්වැගන් සමාගමේ කොරියානු අනුබද්ධ ප‍්‍රධානීන් හට මේ වන විට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට ද කොරියානු බලධාරීන් කටයුතු කරමින් සිටින බව THE WALL STREETJOURNAL වාර්තා කොට ඇත. ඒ අයුරින් අපරාධ චෝදනා එල්ල කරන්නට කොරියානු බලධාරීන් කටයුතු කරන්නේ එරට ජනතාවගේ උපරිම ආයු අපේක්ෂාවට හානි වන අන්දමින් සමාගම කටයුතු කර ඇති පදනමින් බව ද එහි සඳහන් ය.

වොක්ස්වැගන් ගෝලීය වෙළෙඳපොළ කොටස හා සැසඳීමේ දී දකුණු කොරියාව සාපේක්ෂව කුඩා වෙළෙඳපොළක් වුවත්, දකුණු කොරියානු රජය විසින් ගත් මෙම තීරණය ජාත්‍යන්තර වශයෙන් වොක්ස්වැගන් සමාගම වෙත අහිතකර බලපෑමක් එල්ල වීම මෙහි දී වළකාලිය නොහැකිය.

FINANCIAL TIMESවෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මෙවැනි තත්ත්වයකට වොක්ස්වැගන් සමාගම මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේය. මීට පෙර ද එනම් 2015 වසරේ දී වොක්ස්වැගන් සමාගම විසින් සිය වාහනවල වායුවිමෝචනය සම්බන්ධයෙන් ලබා දී ඇති තොරතුරු නිවැරැදි නොවන බවට වාර්තා පළ විය. එසේම එම සමාගම ලොව පුරා අලෙවි කොට තිබූ ඩීසල් වාහන මිලියන 11 ක සවිකර ඇති වායු විමෝචන මෘදුකාංග පද්ධති වැරැදි තොරතුරු සපයන බව ද ඒ හරහා අනාවරණය කර තිබිණ. මේ කාරණය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දී වොක්ස්වැගන්ලා සිය ජාමේ බේරාගත්තේ ඩොලර් බිලියන 14.7 ක වන්දියක් ගෙවීමෙන්ය.

මේ අත්දැකීම් අපට කියා පාන්නේ රටක් සංවර්ධනය කිරීමට අදාළව ආයෝජන ප‍්‍රවර්ධනය අත්‍යවශ්‍ය නමුත් යළි ඒ හරහා මිනිස් ජීවිත වෙත තර්ජනයක් ඇති විය නොහැකි බවය. වත්මන් ආණ්ඩුව ද ආයෝජන වෙනුවෙන් රටේ දොරටු හරින විට මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත. විශේෂයෙන් එය අවධාරණය කළ යුතුව තිබෙන්නේ රතුපස්වල සිදුවීමේ දී පාලකයන් සමාගම් පාර්ශ්වය ගෙන කබලේ සිටි මිනිසුන් ළිපට දැමූ ජීවමාන අත්දැකීමක් ඇති නිසාය. අනෙක් අතට මීළඟ ගෝලීය කැරැල්ල මිනිසුන්ට එරෙහිව පරිසරයෙන් එල්ල වන බවට ඕනෑවටත් සාක්ෂි සහ දත්ත මේ වන විට ලැබී ඇති නිසාය.

පසුගිය දා ඉන්දුනීසියාවේ ජකර්තා සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානයේ දී 12 වන ලෝක ඉස්ලාමික ආර්ථික සමුළුවේ සමාරම්භක සැසිය අමතමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අවධාරණය කර සිටියේ ඉන්දීය සාගරයේ භූ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමේ බලාපොරොත්තුව සහිතව, යටිතල පහසුකම් සඳහා වූ දැවැන්ත සැලැස්මක් හා බැඳුණු මහා පරිමාණ ආර්ථික ප‍්‍රතිසංස්කරණ සමුදායක් හඳුන්වා දීමට ශ‍්‍රී ලංකාව ක‍්‍රියා කරන බවය. එසේම සමස්ත ආසියානු කලාපයේම වර්ධනයට තුඩු දෙන මූලික සාධකය වන්නේ මීළඟ සියවසේ දී අන්තර් ආසියාතික වෙළෙඳාම පුළුල් කිරීම බව ද ඉදිරි දශකයේ දී අන්තර් ආසියානු වෙළෙඳ බාධක ඉවත් කිරීමේ වැදගත් පියවර සිදු වන බව දැකිය හැකි බව ද ඔහු පැවසීය.

කෙසේ වුවත් මෙය අපට අනුව පැරණි පිටපතක් නැවත කියවීමකට වැඩි දෙයක් නොවේය. දශක ගණනාවක පටන් අප මේ කතා වචන වෙනස් නමුත් සමාන හරයකින් අසා ඇත. අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැරණි පිටපත නැවත කියවමින් සිටින්නේ අපේක්ෂිත විදෙස් ආයෝජන නොපැමිණීම හේතුවෙන් රජය ආර්ථික දුෂ්කරතාවකට පත්ව ඇති නිසාය. සැබැවින්ම මෙරට ආර්ථික වර්ධනයට අදාළව ආයෝජකයන්ගේ පැමිණීම මෙන්ම රටේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යව ඇත. ඒ ගැන වාදයක් නැත. නමුත් එය සිදු විය යුතුව තිබෙන්නේ මිනිස් පැවැත්මට හානියක් නොවන ලෙසය. ආයෝජකයන් කැඳවා ගැනීමට දස අතේ වලි කන අතර ආයෝජනයන්ට අදාළව පැහැදිලි නියාමනයක් ද පවත්වාගත යුතුය. ඒ හොරුන්ට වඩා මේ සමයේ බොරුකාරයන් අවදානම් නිසාය.

sathhanda.lk

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats