Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Poor mother and fathers life story  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

යාළුවෝ එක්ක ගෑනු ළමයෙක් ගෙදර ඇවිත් හිටියා, 
පස්සේ තවත් ළමයෙක් ගෙදර ආවා, 
අන්තිමට එයාට අතවර කළා කියලා පොලිසියෙන් ගෙදරට ආවා

පුතා අතින් ඒ ගෑණු ළමයා කරදරේ වැටිලා...
ඒ ළමයට හොඳටම පහරදීලා...
කිසිම බයක් නැතිව කිව්වා ඒ ආවේ බඳින්න ඉන්න ගෑනු ළමයා කියලා..

හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන් වෙනුවෙන් ජීවිත කැපකරන්නේ දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන.

ඒත් ඒ දහසකුත් එකක් සිහින සැබෑ කරන්නේද ඒ සිහින බිඳ දමන්නේද දරුවන්මය.
මේ එවන් දරුවෙකු නිසා අපමණ දුක් විඳි අම්මා කෙනෙකුගේ සහ තාත්තා කෙනෙකුගේ සංවේදී කතාවකි.


ගම් පළාත කොහේ ද?
“අපි මේ නුවර ඉඳලා එන්නේ. කොළඹට ඇවිල්ලා දවස් තුනක් වෙනවා. මේ පළාතේ වැඩිය දන්න අඳුරන අය නැහැ. තව දවස් දෙක තුනක් විතර මෙහෙ ඉන්නවා.”

හදිසියේම කොළඹ එන්න හේතුව?
“පුතාව බලන්න ආවා.”

වියපත් මව එසේ පවසා විනාඩි කිහිපයක් නිහඬව සිටියේය. ඈ දෑසේ කඳුළුය. ඇය ඉකිබිඳ හඬන්නට වුවාය.

”දැන් අඬලා වැඩක් තියෙනවද? මේවා ඔයාගේ විතරක් නෙමෙයි මගෙත් වැරැද්ද. “

ඇගේ සැමියා පවසන්නට වුයේ ඈ දෙස කාරුණික බැල්මක් හෙළමිනි. ඉන් පසුව කතා කරන්නට වුයේ ඔහුය.

“අපිට දරුවෝ මහ ගොඩක් නැහැ . දුවයි පුතයි හිටියේ . දුව අවුරුදු පහළොවක් විතර කාළේ රිය අනතුරකින් මැරුණා. 

දුව නැති වුණ දුක අපේ හිත්වල තවමත් තියෙනවා. 

දුවට වඩා අවුරුදු දහයක් පුතා බාලයි. දුවගෙ මරණයෙන් පස්සේ අපේ මුළු ජීවිතේම වුණේ පුතා. 

අපි පුතාව පුදුම විදිහට පරිස්සම් කළා. ඒ වගේම අපි එයාට කිසිම දවසක කිසිදේකින් අඩුවක් දැනෙන්න දුන්නේ නැහැ. පුතා බොහොම හුරතලේට හැදුණේ.

මොකක්ද කරපු රස්සාව
“මම පුද්ගලික ආයතනයක ලිපිකරුවෙක් විදිහට සේවය කෙරුවා. 

ඒ ඇරුණම අපිට ඉඩකඩම් තියෙනවා. සල්ලි වලින් නම් ප්‍රශ්නයක් නැහැ. 

අපේ පුතා පුංචි කාලේ ඉගෙන ගන්න හරිම දක්ෂයි. මගේ හිතේ තිබුණේ පුතාව වෛද්‍යවරයෙක් කරන්න. 

ඒත් අපි හිතපු නැති විදිහට පුතා සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණා. අපි පුතාව උනන්දු කෙරුවා දෙවෙනි වතාවටත් විභාගය කරන්න කියලා.

හිතාගන්න බැහැ මොකක් ද වුණේ කියලා. පුතා ඉගෙනීම අත්හැරියා. මගේ නෝනා දේවාල ගානේ යන්න පටන් ගත්තා.”

ඒ මොකටද?
“පුතාගේ හඳහන බැලුවාම කියලා පුතාට අපලයි කියලා. එදා ඉඳලා නෝනා රට වටේ දේවාලවල යන්න ගත්තා. මමත් දරුවා වෙනුවෙන් නිසා ඒ කාලේ මුකුත් කියන්න ගියේ නැහැ. හැබැයි ඉතින් දේවාල වලට සාස්තර කාරයන්ට වියදම් කරපු සල්ලි එකතු කෙරුවා නම් අපිට වෙනම ගෙයක් දොරක් හදාගන්න තිබුණා.”

ඉස්කෝලේ ගමන අතහැරපු පුතා ඊට පස්සේ මොකද කළේ?
“මම පුතාට කිව්වා කාර්මික විද්‍යාලයට ඇතුලත් වෙන්න කියලා. ඒත් එයා ඒකට අදිමදි කෙරුවා. 

එයා මුකුත්ම ඉගෙන ගන්න කැමති වුණේ නැහැ. මම පුතාගෙන් ඇහුවා කඩයක් දාලා දෙන්නද කියලා. 

මිනිහා ඒකට කැමති වුණෙත් නැහැ. එයා හුඟක් වෙලාවට හිටියේ ගෙදරින් පිට.”

පුතාට යාළුවෝ හිටියද?
“අපිට වැරදුණේ එතැන . අපි කවදාවත් හොයලා බැලුවේ නැහැ පුතා කාවද ආශ්‍රය කරන්නේ කියලා. පුතාට හරියට යාළුවෝ හිටියා. ගෙදරත් ආවා. පුතා ගෙදරින් පිට යනවට මගේ නෝනා කැමති වුණේ නැහැ. ඒ නිසා නෝනා පුතා ගෙදරට යාළුවෝ එක්කගෙන එනවට අකමැති වුණේ නැහැ.

ඇත්තද මේ කියන්නේ?
මම වියපත් මවගෙන් අසන්නට වීමි.

“අනේ ඔව් . මම ඒ ආව ළමයින්ට - උයලා කන්න බොන්න පවා දුන්නා. ඒ වුණාට ඒ ගොල්ලෝ වැඩිපුරම කළේ කාමරේට වෙලා දොර වහගෙන ඉන්න එක . 

මේ ගොල්ලෝ මොනවද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. කාලයක් ඔහොම ගියා. මට දැනුණා පුතා අපෙන් හුඟක් ඈත් වුණා වගේ. දවසක් පුතා මා එක්ක රණ්ඩුවෙලා ගෙදරින් ගියා.”

ඇයි පුතා රණ්ඩු වුණේ.
“දවසක් පුතාගේ යාළුවෝ එක්ක ගෑනු ළමයෙක් ගෙදර ඇවිල්ලා හිටියා. මම පුතාගෙන් ඇහුවා ඒ කවුද කියලා. 

එයා මට කිව්වා යාළුවෙකුගේ ගෑනු ළමයෙක් කයලා .මම ඒකට පුතාට දොස් කිව්වා .

ඒත් පුතා මම කියපු දේ ඇහුවේ නැහැ. ඊට දවස් දෙකකට පස්සේ තවත් ළමයෙක් ගෙදර ආවා. 

මට පුතාගේ යාළුවෙක් කිව්වා ඒ මගේ පුතා බඳීන්න ඉන්න ගෑනු ළමයා කියලා. 

එදා මම මහත්තයත් ආවට පස්සේ පුතාගෙන් මේ ගැන ඇහුවා. මහත්තයාට හරියට තරහා ගියා .

ඒ වෙනකොට පුතාට අවුදුරු දාහතයි. පුතා කිසිම බයක් සැකක් නැතිව කිව්වා ඒ ආවේ එයා බඳීන්න ඉන්න ගෑනු ළමයා කියලා. 

තාත්තයි පුතයි රණ්ඩු වෙන්න ගත්තා . මම හරිම අමාරුවෙන් දෙන්නගෙ රණ්ඩුව බේරුවේ. 

ඉන් පස්සේ පුතා අපෙන් හුඟක් දුරස් වුණා. අපි දෙන්නා රෑ දවල් නැතිව කතා වුණේ මේ ළමයව හොඳ මාර්ගයට ගන්නේ කොහොමද කියලා. 

පුතා අරක්කු බොන්න පුරුදු වෙලා හිටියේ. අපිට පුතාව ගලව ගන්න බැරි වුණා. එයා බලෙන් වගේ අපෙන් සල්ලි ගත්තේ. 

ඒ විතරක් නෙමෙයි වත්ත පිටියේ දේවල් පවා විකුණලා එයා සල්ලි ගත්තා. බොහෝම අහිංසකව හිටපු දරුවෙක් කොහොම වෙනස් වුණාද කියලා හිතාගන්න බැහැ.”

යාළුවෙලා හිටපු ගැනු ළමයාට මොකද වුණේ.
“මේ හැම දෙයක්ම ඒ ළමයා නිසා. පුතා ගෑනු ළමයාව අත්හැරියේ නැහැ. 

ඒ ළමයට අවුරුදු පහළොවයි. අපි ඒ දරුව‍ාගේ දෙමාපියෝ හමුවෙන්න ගිහිල්ලා මේ සිද්ධිය ගැන කිව්වා. 

ඒත් ඒ මිනිස්සු අපිටම දොස් කිව්වා ඇරෙන්න මේ ගැන මුකුත් කළේ නැහැ. 

මේ හැමදේම වෙලා මාස දෙකක් විතර ගතවෙන්න ඇති. දවසක් ගෙදරට පොලිසියෙන් ආවා. 

පුතාව පොලිසියට අරගෙන ගියා ගෑනු ළමයෙක්ට අතවර කළා කියලා. 

ඇත්ත මගේ දරුවා වැරදියි. පුතා අතින් අර ගෑනු ළමයා කරදරේ වැටිලා. ඒ මිනිස්සු පොලිසි ගිහිල්ලා. අපිත් නඩු කිව්වා . 

මොනවා වුණත් අපේ දරුවනේ. ඒත් වැඩක් වුණේ නැහැ. පුතා ඇප ලැබිලා එලිය හිටිය කාලේ අර ගෑනු ළමයට හොඳටම පහර දීලා තිබුණා. 

පුතා බේබද්දෙක් වගේ බොන්න පුරුදු වුණා. අවුරුදු ‍තුනකට විතර පස්සේ පුතාට අවුරුදු අටක සිර දඬුවමක් නියම වුණා. 

ගෑනු ළමයා වෙනුවෙන් වන්දියකුත් ගෙවන්න වුණා. අපි අපේ දරුවා වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ. 

ගෙවුන අවුරුදු අටම අපි මාස දෙක තුනකට සැරයක් පුතා බලන්න මේ විදිහට හිර ගෙදරට ආවා. 

මහත්තයාගේ යාළුවෙකුගේ ගෙදර නැවතිලා ඉඳලා පුතාව බලලා යනවා. 

මේ අපි හිරගෙදර යන අන්තිම දවස පුතා අනිද්දාට නිදහස් වෙනවා. ගෙවුණ කාලේ අපේ දුක සැප හොයලා බැලුවේ මහත්තයාගේ නංගිගේ දුව. එයා මගේ පුතාට වඩා අවුරදු දෙකක් වැඩිමල්. 

ඒ දරුවා තාම විවාහ වෙලා නැහැ. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම මැරුණා. ඒ දරුවා මගේ පුතාව බඳීන්න කැමැත්තෙන් ඉන්නේ. අපි දුවට බල කළේ නැහැ. ඒත් මම නිකමට දුවගෙන් පුතා ගැන ඇහුවා.”

පුතා ‍‍බේබද්දෙක් වගේ බිව්වා නේද?
“දැන් නම් ඒ හැම දේම අතහැරිලා . පුතාට එයා කරපු වැරදි තේරිලා තියෙන්නේ . මුලින්නම් එයා විවාහයකට කැමති වුණේ නැහැ. 

නමුත් දැන් ඒ හැම දෙයක්ම වෙනස් වෙලා. අපි දෙන්නා විවාහ වුණේ ටිකක් ප්‍රමාද වෙලා. අපි වයසසි. දරුවෝ තරුණයි. දැන් නම් ටිකක් අපිට සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. අපි මේ දරුවා නිසා හුඟක් දුක් වින්දා.” ‍

gossip.hirufm.lk

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats