අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්
කඩා වැටෙයි
සුළි සුළං තත්වයක් නිසා පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී තිබෙනවා.
පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දිවයින්හි පාර්ලිමේන්තුවයි මෙලෙස බිමට සමතලා වී ඇත්තේ.
පැයට කිලෝමීටර 200කට අධික වේගයෙන් හැමූ ගිටා නැමැති සුළි සුළඟ හේතුවෙන් දිවයින් 170කින් පමණ සමන්විත ටොංගා රාජ්‍යයට විශාල හානියක් සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ නිසා නිවාස රැසක් විනාශයට පත්වී ඇති අතර, බොහෝ ප්‍රදේශවල විදුලිබලය ඇණහිට තිබෙනවා.
සුළි සුළඟින් විනාශයට පත් ටොංගා පාර්ලිමේන්තුව වසර 100කට වඩා පැරණි වන අතර, එය නැවත ඉදිකරන තුරු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව රැස් කිරීම ගැටළුවක් වී තිබෙනවා.
කාලගුණ අංශ සඳහන් කළේ ගිටා සුළි සුළඟ තවදුරටත් ප්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්වී ෆීජි දිවයින් වෙතට ඇදෙන බවයි.
පාර්ලිමේන්තුව

Post a Comment